අගමැති ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයක නිලධාරියකුට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.
අග්‍රාමාත්‍යතුමා සහභාගීවන, බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධවන එම නිලධාරීවරයා ඔක්තෝම්බර් මස 17දින සිට සේවයට වාර්තා කර නොමැතති බව පැවසේ.
මේ සමිබන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අගමැති මාධය ඒකකය අවධාරණය කරන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවයි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවත සම්බන්ධවයි
අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරමි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති අතර කොවිඩ් ආසාධිත ආරක්ෂක අංශ නිලධාරියෙකු හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකිනි.
ගරු අග්‍රාමාත්‍යතුමා සහභාගීවන, බාහිර උත්සවවල පූර්ව ආරක්ෂක කටයුතු පිළිබඳ සූදානම් කිරීම්වලට අදාළව පමණක් සම්බන්ධවන එම නිලධාරීවරයා ඔක්තෝම්බර් මස 17දින සිට සේවයට වාර්තා කර නොමැත.










