ගම්පහ දිස්ත්‍රික්කයට මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) දින පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය හිමිවේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවිසැල් සහ ඖෂධ වෙළෙඳසැල් විවෘතකර තැබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බවද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
මෙම බැංකු ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍යවන කාර්ය මණ්ඩලයට සිය ආයතනික හැඳුනුම්පත භාවිතකර අදාළ බැංකු ශාඛා වෙත පැමිණියහැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.










