පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත්, එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවටත් හඳුනා ගෙන තිබේ.
ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා සඳහන් කර සිටී.
මෙම පොලිස් නිලධාරියා පාර්ලිමේන්තු සංකීර්ණය සමග සෘජු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවද වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.










