ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය භාවිතා කළේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුදැනුම මත බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ, එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වන H M M හරීස් මහතා රූපවාහිනී මාධ්‍යකට ලබා දී ඇති ප්‍රකාශයක් මගිනි.
එහිදී හරීස් මහතා සදහන් කොට ඇත්තේ තමන් ඇතුලු මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය භාවිත කළේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුදැනුම මත බවකි.
කෙසේවෙතත් මේ වනවිට සමගි ජන බලවේගය මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කොට ඇත.










