ලබන සිකුරාදා (23) දින කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා එක්දින විවාදයක් ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
අද (21) දින පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට අනුව මෙම විවාදය පැවැත්වීමට සැලසුම් කර ඇත.










