ලෝ ප්‍රකට ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අළලා දකුණු ඉන්දීය සිනමාව තුළ නිර්මාණය කරන ‘800’ සිනමා පටයෙන් ඉවත්වීමට එහි මුරලිගේ චරිතයට පණ පොවන විජෙයි සේදුපති තීරණය කර ඇති බව වාර්තා වේ.
අදාළ චිත්‍රපටයේ රගපෑමෙන් ඉවත් වන ලෙසට තමිල්නාඩුව තුළ විශාල විරෝධයක් මතුවෙමින් පැවතීම ඒ සදහා හේතු වී තිබේ.
ඒ අනුව මුත්තයියා මුරලිදරන්ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ තමිල්නාඩුව තුළ යම් විරෝධයක් මතුවෙමින් පැවතීම නිසා එම චිත්‍රපටයෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස තමන්ද විජෙයි සේදුපතිගෙන් ඉල්ලා සිටින බවකි.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විජෙයි සේදුපති සටහවක් තබමින් කියා සිටියේ ‘තැන්ක් යූ-ගුඩ්බායි’ යනුවෙනි.











