ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අතර අද (19) දින විශේෂ හමුවක් පැවැත්විණ.
කොළඹ අගරදගුරු නිලනිවෙසේ පැවැති මෙම සාකච්ජාවේදී විසි වන සංශෝධනයේ ඇති අහිතකර තත්ත්වයන් අගරදගුරු හිමියන්ට පෙන්වා දීමට ඇල්ලේ ගුණවංශ හිමියන් පියවර ගෙන ඇත.
මෙහිදී කාදිනල් හිමිපාණන්ද ප්‍රකාශ කොට ඇත්තේ ස්වාමින් වහන්සේලා 20 සම්බන්ධයෙන් සිටින ස්ථාවරයේම තමන් වහන්සේද සිටින බවකි.
මේ සම්බන්ධයෙන් ගුණවංශ හිමියන් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ කාදිනල් හිමිපාණන් සමග පැවැත්වූ සාකච්ජාව සියයට පන්සියයක් සාර්ථක බවකි.
එමෙන්ම සාකච්ජාව අතරතුරදී කාදිනල් හිමිපාණන්ට ආණ්ඩුවේ ප්‍රබලයකුගෙන් ඇමතුමක් පැමිණි බවත්, එහිදීද උන්වහන්සේ තමන් විස්ස සම්බන්ධයෙන් දරන්නේ ස්වාමින් වහන්සේලා දරන මතයම යැයි එම ප්‍රබලයාට පැවසූ බවත් ඇල්ලේ ගුණවංශ හිමි කියා සිටියහ.










