කොරෝනා රෝගියකු වාර්තා වීමත් සමග ජාතික රෝහලේ 34 සහ 36 යන වාට්ටු සම්පූර්ණයෙන් වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
හෘදය සැත්කමක් සදහා ජාඇල ප්රදේශයේ රෝගියකු රෝහල් ගත කොට ඇති අතර පසුව කරන ලද පරීක්ෂණවලදී අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇත.
ඒ අනුව එම රෝගියා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා අදාළ වාට්ටුවල සිටි රෝගීන් එහිම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.










