අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති නිලධාරියෙකු වන හූ වෙයි මහතා පසුගියදා යෝෂිත රාජපක්ෂ මහතා හමුවී සුබ පැතුම්ද එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
මෙම සාකච්ඡාවේදී පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ චීනයේ ඉහළ පෙළේ දූත පිරිස හා ශ්‍රී ලංකාව අතර පැවැත්වූ සාකච්ඡාවේ කරුණු පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වීය මිත්‍රත්වය පිළිබඳව සාකච්ඡා කළ බව තානාපති කාර්යාලය පවසයි.










