කැලණි සරසවියේ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් අබිරහස් අන්දමින් මියගොස් ඇති බව වාර්තාවේ.
යාපනයේ පදිංචිකාරිනියක වන මෙම දමිළ සිසුවිය වැල්ලවත්ත ප්‍රදේශයේ ඥාතියකුගේ නිවසේ පදිංචිව සිට ඇති බව දැනගන්නට ඇත.
මීට දින කිහිපයකට පෙර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම සිසුවිය රෝහල් ගතකර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බව දැනගන්නට තිබේ.
මෙම මරණය සැක සහිත බැවින් ඇගේ ඥාතීන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද ඉල්ලා ඇත.










