ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නිවෙසට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ දෝනිගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට සමාජ මාධ්‍ය ජාලාවන්හි පළව තිබූ පුවතක් හේතුවෙනි.
මේ දිනවල දෝනි අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයිපීඑල් තරගාවලියට සහභාගී වෙමින් සිටින අතර දෝනි නියෝජනය කරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් පසු මෙම තර්ජන එල්ල වී තිබිණ.
ඒ අනුව ඉන්දීය පොලිසිය දෝනිගේ පවුලේ සාමාජිකයන් රැදී සිටින රැන්චි හි පිහිටි නිවසට දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇත.










