අද සවස 3.30ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇති 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් දැනුවත් කිරීමේ රැස්වීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගි වීමට නියමිතය.
මීට පෙර මැති ඇමැතිවරුන්ට දැනුම්දී තිබුණේ මෙම රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලැසුම් කොට ඇති බවකි.
නමුත් අද උදෑසන මැති ඇමැතිවරුන්ට ලැබුණු පණීවුඩයකින් දැනුම්දී ඇත්තේ ජනාධිපතිවරයාද අදාළ රැස්වීමට සහභාගි වීම සදහා අරලියගහ මන්දිරයට පැමිණෙන බවකි.
මෙම රැස්වීමේදී අධිකරණ ඇමැති අලි සබ්‍රි සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් විස්ස සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් දැනුවත් කිරීමට නියමිතය.










