වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයා ලෙස සිටි කාලයේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවවල ප්‍රචාරක වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 46කට ආසන්න මුදලක් වැය කර ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැසීය.
ඒ අනුව පෝස්ටර්, ආරාධනා පත්‍ර, සමරු කලාප සඳහා රුපියල් අට කෝටි හතළිස් නව ලක්ෂයක්, ශිලා ඵලක, වින්‍යාස පුවරුව, නිවාස අංක තහඩු සැකසීම සඳහා රුපියල් හාර කෝටි විසි එක් ලක්ෂයක්, පුවත්පත් දැන්වීම් සඳහා රුපියල් තිස් හතර කෝටි හතළිස් පන් ලක්ෂයක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා විසින් අසනු ලැබූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
2015 සිට 2019 දක්වා එම කාලයේ සිදුකළ වියදම් සම්බන්ධයෙන් විගණනයක් ද මේ වන විට අමාත්‍යාංශය විසින් සිදුකරගෙන යන බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.











