රාගම රෝහලෙන් ඊයේ (06) රාත්‍රී පලා ගොස් සිටි පුද්ගලයා සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
එම රෝගියා රාගම රෝහලේ බාහිර රෝගී අංශය අසල සිටියදී අල්ලාගෙන නැවත රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
අද දහවල් පොලිසිය පවසා තිබුණේ මෙම පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවකි.
ඒ අනුව එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමටද පියවර ගෙන තිබිණ.










