අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා ඊයේ (05) රාත්‍රියේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක තීන්දුවක් රැගෙන ඇති බව දැනගන්නට ඇත.
අගමැතිවරයාගේ එම තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත නිල වශයෙන් පක්ෂයටත්, රටටත් දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.
එම තීන්දුවත් සමග පක්ෂය ඇතුළේ ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරී සැලැස්මක්ද ප්‍රකාශයට පත් කිරීමට මේ වනවිට තීන්දු වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මීට දින කිහිපයකට ඉහතදී අප විශේෂ හෙළිදරව්වක් කරමින් ලබන 18 වැනි දින අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බව අනාවරණය කර සිටියේය.