අද (07) සිට ක්‍රීයාත්මක වන පරිදි ශ්‍රී ලංකා රේගුව සිය පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමේදී සියලු කටයුතු ලියකියවිලිවලින් තොරව සිදු කිරීමට සැලසුම් කර ඇත.
දැනට රට ඇතුළේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසයේ බලපෑම අවම කරගැනීමේ අරමුණින් යුතුව මෙම තීන්දුව ගැනීමට රේගුව පියවර ගෙන ඇත.
ඒ අනුව අද සිට සියලු කටයුතු අන්තර්ජාලය ඔස්සේ ඹන්ලයින් ක්‍රමයට සිදුකිරීමට පියවර ගෙන ඇත.
මේ හරහා ලියකියවිලි ඔස්සේ රේගු සේවකයන්ට සිදුවිය හැකි කොරෝනා බලපෑම අවම කර ගැනීම බලධාරීන්ගේ අරමුණ වී ඇති බව පැවසේ.










