කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 708 කි.
ඒ අනුව, අද දිනය තුළ පමණක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 605 දෙනකු හඳුනා ගැනුණු අතර එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි.










