• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදුර්දීන්ට විරුද්ධව සාක්ෂි නෑ: චමල් පාර්ලිමේන්තුවේදී කියයි

October 6, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
බදුර්දීන්ට විරුද්ධව සාක්ෂි නෑ: චමල් පාර්ලිමේන්තුවේදී කියයි
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නොමැති බැවින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කළ බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ නතර කර නොමැති බවත්, ඉදිරියේ දී තවත් අය අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවත්ය.

රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ අප්‍රේල් 14 වනදා අත්අඩංගුවට ගනු ලැබ රැඳවුම් නියෝග මත සිටි රියාජ් බදියුදීන් මාස පහකට පසුව නිදහස් කළේය.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“හොඳ වෙලාවට ප්‍රශ්නේ ආවේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් සමග නෑ. සාමාන්‍යයෙන් පොලීසියේ කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව, තමයි ඒ කටයුතු සිදුවෙලා තියෙන්නේ. ඔය කියන පුද්ගලයා 2019.04.21 වන දින කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් සමග 2019 වසරේ පවත්වනු ලබන ඇමතුම් 7ක සම්බන්ධතාවයක් මත 2020.04.14 වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව දින 3ක් රඳවාගෙන ප්‍රශ්න කරලා තියෙනවා. තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා දින 3ක කාලය අවසන් වීමෙන් පසුව මාස 3 බැගින් දෙවතාවක් මාස 6ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන විමර්ශන කටයුතු කරලා තියෙනවා. එසේ සිදුකරනු ලැබු විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීමට සහය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලට මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා නෑ. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපි ගොනු සකස් කර 2020.09.28 වන දින ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර සැකකරුව 29 වන දින අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. වෙනම ම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා ඒ පිළිබඳ විමර්ශන කරන්න. ඒ අය සියලුම දුරකථන ඇමතුම් 17ක් පමණ තියෙනවා ඒ සියලුම දුරකථන ඇමතුම් අමාත්‍යාංශයේ දුරකථන මඟින් අරගෙන තියෙන්නේ. අවසාන දුරකථන ඇමතුම් ලබා ගෙන තියෙන්නේ මේ සිද්ධියට මාස 3කට පෙර. ඒ නිසා තමයි ඍජුව මේ ගැන සාක්ෂි නැති නිසයි නිදහස් කරන්න තීරණය කරලා තියෙන්නේ.නිදහස් කරයි කියලා ඒක නිර්දෝෂීභාවය නෙමෙයි. පොලීසිය තවදුරටත් මේ ගැන සොයා ගෙන යනවා. විමර්ශනයන් නතර කරලා නෑ. සමහර වෙලාවට තව තව ඉදිරියේ දී සමහර අය අත්අඩංගුවට ගන්න පුළුවන්. ‍“

SendShareShare
Previous Post

සත්ත්ව පාලනයටත් ඇමැතිකමක් දෙයි

Next Post

තවත් රෝගීන් 246ක්: දැන් බ්‍රැන්ඩික්ස් රෝගීන් ගණන 569ක්

MORE NEWS

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

Load More
ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

ජපානයේ දකුණු ප්‍රදේශයේ කියුෂු දූපත ආසන්නයේ අද (28) රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය...

Read more
රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.