තම පක්ෂය විසින් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් බාර දුන් යෝජනා කිසිවක් සැලකිල්ලට ගෙන නොමැති බව දැනුම් දෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපියට අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවලදී තම පක්ෂය මූලික කරුණු 3ක් පෙන්වා දුන් බවත්, එම කරුණු 3 නීතිපතිවරයා විසින් අධිකරණයට ලබා දුන් වාර්තාවේ හෝ කමිටු අවස්ථාවේ සිදු කිරීමට නියමිත සංශෝධනවලට හෝ ඇතුළත්ව නොමැති බවකි.
මෙය ජනතාව දුන් ජනවරමට බලවත් අගතියක් බවද එම පක්ෂය පෙන්වා දී තිබේ.
එම කරුණු තුන අදාළ ලිපියට ඇතුළත් කිරීමටද විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ කටයුතු කොට ඇත.
එම ලිපිය මෙසේය.












