• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-සජිත් අලුත් සටනක් ඇරඹෙයි (රාජ්‍ය රහස්)

October 1, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
ගෝඨා-සජිත් අලුත් සටනක් ඇරඹෙයි (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂගේත්, සජිත් ප්‍රේමදාසගේත් ප්‍රධානම සටන වූයේ ගමේ බලය ඇල්ලීමය. මේ නිසාම ජනාධිපතිවරණ සමයේදී ගෝඨාත්, සජිතුත් දිනපතාම ගම්, නියම්ගම්වල සැරිසරමින්, රැස්වීම් පවත්වමින් ගමේ ජනතාවගේ බලය තම තමන්ගේ පැත්තට නම්මා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරූහ. අවසානයේදී ඒ ගම ඇල්ලීමේ සටන ජයග්‍රහණය කළේ ගෝඨාභයය. සජිත්ට ගමෙන් විශාල බලයක් අත්පත් කර ගැනීමට නොහැකි වුණේ එජාපයේ ගම් මට්ටම ඒ වනවිට බින්දුවටම බිඳවැටී තිබීම නිසාය. මහ මැතිවරණය ඉලක්ක කර සමඟි ජන බලවේගය නිර්මාණය කොට තරග වැදුණත් ගම් මට්ටමේ කිසිදු ශාඛා සමිතියක්, බල මණ්ඩලයක් පිහිටුවා ගැනීමට නොහැකි වීම නිසා මහ මැතිවරණයේදීද සජිත්ට විශාල බලයක් ගම් මට්ටමින් ලබා ගැනීමට නොහැකි විය.
මේ නිසාම පසුගිය සතියේදී සජිත් යළිත් වතාවක් ගමට බහින්නට පියවර ගත්තේය. සජිත් මෙවර ගමට බහින්නට සැලැසුම් කළේ ඉලක්කගත වැඩපිළිවෙළකට අනුවය. සජිත් මෙසේ ගමට බහින වැඩපිළිවෙළ සකස් කළේ මුලින්ම ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කොටගෙනය. ඉන් අනතුරුව පැවැත්වෙන පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙනය. අවසානයේදී 2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනය. පසුගිය සතියේ ‘දිනමු’ කමිටු පිහිටුවමින් සජිත් ඇතුළු සමඟි ජන බලවේගයේ සියලුම මන්ත්‍රිවරුන් දකුණු පළාතෙන් ආරම්භ කළේ එහි ආරම්භක වැඩපිළිවෙළය. එහි අවසන් ඵලය මුළු රටම සමගි ජන බලවේගය වටා ජාලගත කිරීමය.
ඒ අනුව පසුගිය සතියේ සියලුම මන්ත්‍රිවරුන් කැඳවූ සජිත් ඔවුන්ට ගාල්ලේත්, මාතරත් ආසන බෙදාදීමට පියවර ගත්තේය. ඔවුන්ට ලබාදී තිබූ ඉලක්කය වූයේ සෑම ඡන්ද පොළක්ම නියෝජනය වන පරිදි 30 දෙනකුගේ කමිටුවක් නිර්මාණය කිරීමය. රටේම ඡන්දපොළවලින් ඒ ආකාරයට 30 බැගින් කමිටු සකස් කළ විට රටම ආවරණය වන පරිදි දෙලක්ෂ අසූදහසක ජාලයක් නිර්මාණය කර ගැනීම සජිත්ගේ අරමුණ වී තිබිණ. සජිත් සැලසුම් කොට ඇත්තේ එම ජාලය හරහා සමඟි ජන බලවේගයේ සියලුම දේශපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමය.
සජිත් මේ සංවිධාන කටයුතු සියල්ල භාරදී තිබුණේ වෙන කාටවත් නොව හරීන්ටය. හරීන්ගේ සහායට සජිත්ගේ නිල කාර්ය මණ්ඩලය ලබාදීමටද සජිත් පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය සතියේ සජිත් ගාල්ල, මාතර නියෝජනය කරමින් සියලු පන්සල්වල නායක හාමුදුරුවරුන් මුණගැසෙමින් ආසනවල යද්දී අනෙකුත් මන්ත්‍රිවරුන් ‘දිනමු කමිටු’ පිහිටුවමින් ඒ ඒ ආසනවල සතිඅන්තය ගත කළ ආකාරයත් දැකගන්නට තිබිණ.
මේ ආකාරයට සජිත් ජනාධිපතිවරණයෙන් පසු පළමු වරට ගමට බසිද්දී ඉකුත් ජනාධිපතිවරණ සමය සිහිකරමින්දෝ ගෝඨාභය රාජපක්ෂ මහතාද සජිත් සමඟ තරගයට මෙන් ගමට යෑමට තීරණය කර තිබූ ආකාරයක් දැකගත හැකි විය. අප පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය තුළින් පෙන්වා දුන්නේ ගෝඨා ජනාධිපතිවරණය පවත්වා මාස 11කට පසු පළමු වතාවට වියත් මඟ විධායක සභාව රැස්කිරීමට පියවර ගත් බවකි. එමෙන්ම ඊට නවක සාමාජිකයන් බඳවාගන්නා ලෙස උපදෙස් ලබා දුන් බවකි. එහි දෙවැනි පියවර දියත් කරමින් පසුගිය සතියේදී ගෝඨා ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින විවිධ ගැටලු ඍජුවම හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම අරමුණු කරගෙන ගමින් ගමට යෑමට සැලැසුම් සකස් කළේය. පසුගිය අඟහරුවාදා දින ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එහි පළමු පියවර ආරම්භ කරමින් ගෝඨා සිකුරාදා (25) දිනයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට යෑමට තීන්දු කර ඇති බවකි. ගෝඨාත් මෙසේ ගමට බැසීමට සැලැසුම් සකස් කළේ සජිත් ‘දිනමු කමිටු’ හරහා ගමට බැසීමට සැලැසුම් කිරීමෙන් පසුවද, ඊට කලින්ද යන්න කීමට අපට තොරතුරු නැතත් ජනපති මාධ්‍ය ඒකකයෙන් ඒ සම්බන්ධ නිවේදනය පැමිණියේ සජිත් ගමට බැස දින දෙකක් ඉක්ම යෑමෙන් අනතුරුවය. එමෙන්ම සජිත් මේ සතිඅන්තය යොදාගෙන ඇත්තේ අනුරාධපුර, පොළොන්නරු දිස්ත්‍රික්කවල ‘දිනමු කමිටු’ සකස් කිරීමටය.
කෙසේ වෙතත් ගෝඨාභය මෙසේ ගමට බැසීමට තීන්දු කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් සකස් කොට ඇති ලක්ෂ 40ක පාක්ෂිකයන් පිරිසක් පොහොට්ටුවට බඳවා ගැනීමේ වැඩපිළිවෙළට සමගාමීවද, එසේත් නැත්නම් අතීතයේ සිටි ප්‍රේමදාස-මහින්ද-මෛත්‍රිපාල වැනි ජනාධිපතිවරුන් මෙන් ඍජුවම ගමට ගොස් ජනතාවට සහන ලබාදීමටද යන්න කීමට අපට තවමත් තොරතුරු ලැබී නැත. කෙසේ වෙතත් ගෝඨා, සජිත් යන දෙදෙනාම මේ වන විට ගම අල්ලන සටනට බැස ඇති හෙයින් ඉදිරියේදී මේ පිළිබඳ වැඩි වශයෙන් පුවත් වාර්තා කිරීමට සියලුම මාධ්‍යයන්ට සිදුවනවා නිසැකය.

SendShareShare
Previous Post

මහින්ද සුරාබදු දෙපාර්තමේන්තුව පොලිෂ් කරන්න යයි

Next Post

එදා විල්පත්තුව කපද්දි පත්තු වුණු ආනන්දසාගර හිමි අද කැලෑකපද්දී සද්ද නැත්තේ ඇයි? EXCLUSIVE

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.