• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවෙන් මහාපරිමාණ කිරි ෆැක්ටරි 10ක්

September 29, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවෙන් මහාපරිමාණ කිරි ෆැක්ටරි 10ක්
Share on WhatsAppShare on Facebook

දේශීය ආයෝජකයින් දිරිගැන්වීම හරහා මෙරට කිරි අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇත.

ඉදිරි වසර කිහිපය ඇතුළත මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් නව ආයෝජකයින් කිරි නිෂ්පාදනය සඳහා යොමු කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාදන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහ ආයෝජකයින් අතර සාකච්ඡාක් ඊයේ (28) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතාවයෙන් 85%කට වැඩි ප්‍රමාණයක් කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණයේ දේශීය කිරි ගොවිපළ මඟින් නිපදවන අතර මෙම කිරි නිෂ්පාදකයින්ට අමතරව නව කිරි නිෂ්පාදකයින් බිහි කිරීම මෙම වැඩපිළිවෙළ යටතේ බලාපොරොත්තු වෙයි.

මෙහිදී ආයෝජන මණ්ඩලය හරහා ආයෝජකයින්ට සහන සහ දිරිගැන්වීම් කෙරෙනු ඇත. මේ යටතේ සිසිල් දේශගුණික ප්‍රදේශවලින් හා වියළි දේශගුණික ප්‍රදේශවලින් සත්ව ආහාර සඳහා අවශ්‍ය කෙරෙන බඩ ඉරිගු සහ තෘණ වර්ග වගාකිරීම සදහා රජයේ ඉඩම් ලබාදීමට ද නියමිතය. මෙරට ඉදිරි අවශ්‍යාතා සපුරාලීම සඳහා අවශ්‍ය බඩ ඉරිගු මහ කන්නයේ දී වගා කර ඇති බව ද අනාවරණය විය.

කිරි ගොවිපළ පවත්වා ගෙනයාමට ඉඩම් පහසුකම් ඇති ආයෝජකයින් සදහා ප්‍රමුඛතාවය ලබා දෙන අතර මේ වන විටත් වැවිලි සමාගම් 09ක් ඊට එකඟතාවය පළ කර තිබේ.

දැනට රජයේ ආයතන මගින් පාලනය වන ඉඩම් පෞද්ගලික ආයතනවලට ලබා නොදීමට තීරණය කර ඇති හෙයින් අවශ්‍යනම් ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කළ හැකිය. මෙවැනි සංවර්ධන ව්‍යෘපෘතිවලදී රජයේ ආයතන මඟින් පාලනය වන ඉඩම් වෙනුවට මෙතෙක් ප්‍රයෝජනයට නොගත් වගා කළ හැකි රජයේ ඉඩම් පමණක් ඉල්ලුම් කර සිටින ලෙසද බැසිල් රාජපක්ෂ මහතා ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය. පශු වෛද්‍ය සහාය ලබාගැනීම, අතිරික්ත පිරිමි ගවයන්, තාක්ෂණික සහාය, පාරිසරික වාර්තා, වෙළෙඳපොළ ආදී කිරි නිෂ්පාදන අංශය දියුණු කිරීමේ දී ඇති වන ගැටලු සම්බන්ධයෙන්ද ආයෝජකයින් සිය අදහස් දැක්වූ අතර දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාවය ලබා දීම රජයේ අරමුණ බැවින් එම ගැටලු නිරාකරණය කර දීම සඳහා රජයේ ආයතනවල සහාය හිමි වන බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

නව ආයෝජකයින් සමඟ සාකච්ඡා කිරීමට පෙර කිරි ගොවිපළක් පවත්වා ගෙනයන ආකාරය අධීක්ෂණය කළ බැවින් හා ඒ සම්බන්ධව ඇතිවන ප්‍රශ්න හා ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇති බවද මෙහිදී සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා නිවැරදි මාර්ගෝපදේශ යටතේ මෙම කර්මාන්තයට ඇතුළත්වීම මඟින් හොද ආදායමක් ලබා ගැනීමට මෙන්ම දේශීය කිරි අවශ්‍යතාවය දේශීය වශයෙන් සපුරා ගැනීමට ද හැකි බව සඳහන් කළේය.

දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ ආනයනය කළ කිරිගවයන් යොදාගනිමින් ආරම්භකළ වටවල කිරි නිෂ්පාදන ගොවිපළ නිරීක්ෂණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා(27)‍ එක් වූ අතර කිරි ගවයන් 1000ක් පමණ සිටින මෙම කිරිගොවිපළ මඟින් දිනකට කිරි ලීටර් 17000ක් නිපදවයි. මෙම ගවයින් සඳහා ආහාර වශයෙන් දිනකට බඩ ඉරිගු කරල් සහිත ගස්  කිලෝග්රෑම් 27000ක් පමණ අවශ්‍ය වේ. විශේෂ තාක්ෂණික ක්‍රමවේද යටතේ සම්පූර්ණ බඩ ඉරිගු ගසම සත්ව ආහාර වශයෙන් සකසන හෙයින් බඩ ඉරිගු ගොවීන්ට වැඩි ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ලැබී ඇත.

එම නිරීක්ෂණ චාරිකාව සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා කාබනික ගොවිතැන කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති මෙවැනි කාලයක ගොම පොහොර, මීතේන් වායුව නිපදවීම වැනි දේ මඟින් අමතර ආදායම් ඉපයීමේ හැකියාව ඇති අතර, ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා දායකත්වයක් සැපයෙන බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවිකරණය හා තේ අපනයනය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු රජයේ නිලධාරීන් හා ආයෝජකයින් රැසක් එක් වූහ.

SendShareShare
Previous Post

1 වසරට ළමුන් ඇතුළත් කිරීම ලේසි කරයි

Next Post

ලංකාව බරපතළ මූල්‍ය අර්බූදයක-සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.