• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිනිට හොඳ නම් බැසිල්ට නරකද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

September 26, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මැතිනිට හොඳ නම් බැසිල්ට නරකද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)
Share on WhatsAppShare on Facebook

මේ වන විට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් නිර්මාණය වී තිබේ. ඉන් පළමුවැන්න වන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. දෙවැන්න වන්නේ මැතිනිය හදපු 1972 ජනරජ ව්‍යවස්ථාවය. තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ ජේ. ආර්. හදපු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනේම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියක් ඇතුළත්ව තිබුණේ නැත. ද්විත්ව පුරවැසියකුට ලංකාවේ ඡන්දය ඉල්ලන්න බැහැ කියා වගන්තියක් ඇතුළත් කොට තිබුණේ නැත. ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන්, ජනාධිපතිවරයකු වශයෙන් පත්වෙන්න බැහැ කියා වගන්තියක් ඇතුළත්ව තිබ්බේ නැත.
ජේ.ආර්.ගේ 78 ව්‍යවස්ථාව ජේ.ආර්., ප්‍රේමදාස පාලන කාලවලදී 16 වතාවක් සංශෝධනයට ලක්විය. මෙසේ සංශෝධනය වුණු 16 වතාවෙන් කිසිම අවස්ථාවකදීවත් ද්විත්ව පුරවැසිභාවයක් පිළිබඳ වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වූයේ නැත.
චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2000 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. හැබැයි චන්ද්‍රිකාගේ ඒ ව්‍යවස්ථා කෙටුම්පතේදීවත් ද්විත්ව පුරවැසිභාවය ගැන වගන්තියක් ඇතුළත් වූයේ නැත. ඒ වගේම චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේදී පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතු වී 17 වැනි සංශෝධනය අරගෙන ආවේය. අඩුම තරමින් ඒ සංශෝධනයටවත් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියක් ඇතුළත් වූයේ නැත. ඒ පාර්ලිමේන්තුවේ හිටි අයටවත් ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් වූයේ නැත.
එතකොට පළමු වතාවට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් ආවේ වෙන කාටවත් නොව මෛත්‍රිපාලටත්, රනිල්ටත්ය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියක් මුල්ම වතාවට ව්‍යවස්ථාවට එකතු වුණේ මෛත්‍රි, රනිල් එකතුවෙලා ගෙනාපු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්ය.
“ජේ.ආර්.ට, ප්‍රේමදාසට, චන්ද්‍රිකාට නොතිබ්බ ද්විත්ව පුරවැසිභාවයේ ප්‍රශ්නය මෛත්‍රිටයි, රනිල්ටයි ප්‍රශ්නයක් වුණේ කොහොමද?”
“18 පාරක් සංශෝධනය වෙච්ච ව්‍යවස්ථාවකට ඇතුළත් නොවුණු ද්විත්ව පුරවැසිභාවයේ වගන්තියක් එකපාරටම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වුණේ කොහොමද?”
ඒකට විශේෂ හේතුවක් තිබිණ. ඒ වෙන මොකක්වත් නොව බැසිල්ය. මොකද ඊළඟට පවත්වන්න තිබ්බ මහ ඡන්දෙන් දිනලා බැසිල් පාර්ලිමේන්තු එයි කියා විශාල බයක් මෛත්‍රිටත්, රනිල්ටත් තිබිණ. ඒ ඇවිත් යහපාලන ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේ බැසිල් ගේම ගහනු ඇතැයි කියා මෛත්‍රි, රනිල්ට විශාල බයක් තිබිණ. කවදාවත් නොතිබුණ ද්විත්ව පුරවැසිභාවයේ නීතියක් 19 වැනි ව්‍යවස්ථාවට අහසින් පාත්වුණේ ඒකය. ද්විත්ව පුරවැසිභාවයේ නීතියක් ලංකාවට හඳුන්වා දුන්නේම බැසිල්ව ඉලක්ක කරගෙන බව ඒකෙන් හොඳටම පැහැදිලිය.
හැබැයි දැන් ආණ්ඩුව ඇතුළෙ ඉන්න ජාතික සංවිධාන කිහිපයක් මේ ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය දිගටම තිබිය යුතු බව කියමින් කෑගහන ආකාරයක් දැකගන්නට තිබේ. ඔවුන් කියන්නේ ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකු පාර්ලිමේන්තුවට පැමිණීම වැරැදියි කියාය.
“ඒ කියන්නෙ ආණ්ඩුව ඇතුළෙ ඉන්න ජාතික සංවිධාන කියලා කියාගන්න මේ අයත් දැන් බැසිල්ට බය වෙලාද?”
ප්‍රශ්නය තියෙන්නේ එතැනය. මොකද මේ ජාතික සංවිධානවලට ද්විත්ව පුරවැසිභාවය කියන එක ප්‍රශ්නයක් නම් 2010දි 18 වැනි සංශෝධනය අරගෙන එනකොට මේ සංවිධාන ද්විත්ව පුරවැසිභාවයේ වගන්තියක් 18ට ඇතුළු කරගන්න දැඟලුවේ නැත්තේ ඇයි?
මොකද බැසිල් 2007 පාර්ලිමේන්තුවට එද්දිත් ද්විත්ව පුරවැසිභාවය තිබ්බේය. 2007දී බැසිල් පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙනි. 2005 ඉඳන්ම මේ කියන ජාතික සංවිධාන මහින්දත් එක්ක ආණ්ඩුව ඇතුළේ හිටියේය.
එතකොට 2007 ජාතික ලැයිස්තුවෙන් බැසිල් පාර්ලිමේන්තු එද්දී මේ ජාතික සංවිධානවලට බැසිල්ගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් වුණේ නැත්තේ ඇයි?
ඊට අමතරව 2005 මහින්දගේ ආණ්ඩු කාලයේ තවත් ද්විත්ව පුරවැසියෙක් ආණ්ඩුවේ ඉහළම තනතුරක් දැරුවේය. ඒ වෙන කවුරුවත් නොව ආචාර්ය පාලිත කොහොනය. කොහොන විදේශ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරුවේ ද්විත්ව පුරවැසියෙක් වශයෙන් සිටියදීය. එතකොට මේ ජාතික සංවිධානවලට ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් තිබ්බෙ නැත්තෙ ඇයි?
එදා මේ ජාතික සංවිධාන බැසිල්වත්, කොහොනවත් ඉහළින්ම පිළිගත්තේය.
ඊළඟට බැසිල් 2010 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූයේත් ද්විත්ව පුරවැසියෙක් ලෙසටය. එතකොටවත් මේ ජාතික සංවිධාන ද්විත්ව පුරවැසිකමක් ගැන කටක් හෙල්ලුවේ නැත. ඊළඟට බැසිල් මහ ඡන්දයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජය ගෙන ඇතුළට ඇවිත් කැබිනට් අමාත්‍ය ධුරයක්ද දැරුවේය. එතකොටවත් මේ ජාතික සංවිධාන ද්විත්ව පුරවැසිකමක් ගැන වචනයක්වත් කිව්වේ නැත.
හැබැයි මේ ජාතික සංවිධානවලට දැන් ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් වුණාට එදා මේ රටේ ජනතාවට නම් බැසිල්ලාගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් වුණේ නැත. අනෙක 2010 බැසිල් ඡන්දෙ ඉල්ලුවේ රාජපක්ෂවරුන්ගේ රාජධානිය වූ හම්බන්තොටින්වත්, දකුණින්වත් නොවේ. බැසිල් පාර්ලිමේන්තු ආවේ රාජපක්ෂවරුන්ට නුහුරු, නුපුරුදු බණ්ඩාරනායකවරුන්ගේ රාජධානිය වූ ගම්පහින් ඡන්දෙ ඉල්ලලාය. ඒ වෙලාවේ ගම්පහ ජනතාව ලක්ෂ 04කට වැඩි මනාප ප්‍රමාණයක් බැසිල්ට දුන්නේ ද්විත්ව පුරවැසිභාවය ගැන බලා නොවේ.
එහෙනම් මේ බැසිල්ගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් වුණේ මෛත්‍රිටත්, රනිල්ටත් විතරය. ඒ බැසිල් ඇතුළට ඇවිත් යහපාලන ආණ්ඩුවෙ පෙරළයි කියන බයටය. ඒ බය නිසාම මෛත්‍රි රනිල් එකතු වී බැසිල්ව දෙපාරක් හිරේ දැම්මේය. රාජපක්ෂ පවුලෙන් මුලින්ම හිරේ විලංගුවේ වැටුණේ බැසිල්ය. එහෙම හිරේ යද්දී කවුරුවත් බැසිල්ගේ මේ ද්විත්ව පුරවැසිභාවය ගැන කතා කරන්න ගියේ නැත. ආණ්ඩු හදලා, අගමැතිවරු හදලා, ජනාධිපතිවරු හදලා අන්තිමේදී බැසිල් හිරේ විලංගුවේ වැටෙද්දී බැසිල් වෙනුවෙන් කතා කරන්න කවුරුවත් හිටියේ නැත.
එදා බැසිල් ගැන රනිල්ටයි, මෛත්‍රිටයි තිබ්බ බය අද මේ කියන ජාතික සංවිධානවලට ඇතිවෙලා තියෙන්නේ ඇයිද කියන එක ලොකු ප්‍රශ්නයකි. අඩුම තරමින් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම තියෙනවා යැයි කියන එංගලන්තයේ, යුරෝපයේ රටවල්වලටවත් මේ ද්විත්ව පුරවැසිභාවය කියන එක ප්‍රශ්නයක් වී නැත. ඒ රටවල් ද්විත්ව පුරවැසිභාවයේ වගන්ති දාලා මිනිස්සුන්ගේ අයිතිය උදුරගන්න කටයුතු කොට නැත.
ඒකට හොඳම උදාහරණය 1984 කැනඩාවේ අගමැතිවරයා ද්විත්ව පුරවැසිභාවය හිමි බි්‍රතාන්‍ය ජාතිකයෙක් වීමය. මීට අමතරව ඇමෙරිකාව, එංගන්තය, ජර්මනිය, නවසීලන්තය වැනි රටවලද ද්විත්ව පුරවැසිභාවයේ නීති බලපවත්වන්නේ නැත. ලෝක ප්‍රකට හොලිවුඞ් සිනමා නළුවකු වූ ආනෝල්ඞ් ස්වසනේගර් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වූයේ ඒ නිසාය. මොකද ආනෝල්ඞ් යනු ඕස්ටි්‍රයානු ජාතිකයෙකි. ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසිභාවය ගැන නීතියක් තිබුණා නම් ආනෝල්ඞ්ට කවදාවත් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරයට පත්වන්නට ලැබෙන්නේ නැත.
ඒ වගේම ජර්මනියේ ඇන්ජෙලා මර්කල්ගෙන් පසුව එරට චාන්සලර් ධුරයට පත්වනු ඇති බවට අනාවැකි පළකොට ඇත්තේ බි්‍රතාන්‍ය ජාතිකයෙකි.
එතකොට ලෝකෙටම මේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක් නෙමෙයි නම් ලංකාවේ බැසිල්ට විතරක් ඒක ප්‍රශ්නයක් වුණේ කොහොමද කියන එක ලොකු ප්‍රහේලිකාවකි.
“බැසිල්ට ඔච්චරටම පාර්ලිමේන්තුවට එන්න ඕනෙ නම් ද්විත්ව පුරවැසිභාවය අයින් කරගෙන ආව නම් ඉවරයිනෙ. ඔය ජනාධිපතිතුමත් ද්විත්ව පුරවැසිභාවය අයින් කරගෙන ජනාධිපති ධුරයට පත්වුණේ.”
ආණ්ඩුවේම සමහරු අද එහෙමත් කියති.
බැසිල් එහෙම කරන්නේ නැත. මොකද මෛත්‍රි, රනිල් එකතු වෙලා 19ට ද්විත්ව පුරවැසිභාවය ඇතුළු කළේම තමන්වත් ගෝඨාභයවත් ඉලක්ක කරගෙන බව බැසිල් හොඳින්ම දනී. එය අසාධාරණ ලෙස බැසිල්ට ඇති දේශපාලන අයිතිය අකුලා දැමීමකි. එහෙමත් නැත්නම් බැසිල්ගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න ගෙනා වගන්තියකි. ඉතින් බැසිල් කියන්නේ තමාට වෙච්ච ඒ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියාය.
බැසිල්ට වගේම එදා මැතිනියටත් මේ වගේම අසාධාරණයක් එජාප ආණ්ඩුවෙන් සිදුවිය. 80 දී ජේ.ආර්. මැතිනිගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න මේ විදිහටම ව්‍යවස්ථා සංශෝධනයක් අරගෙන ආවේය. ඒකෙන් බැසිල්ට වුණා වගේම විශාල අසාධාරණයක් මැතිනියටත් සිදුවිය. හැබැයි චන්ද්‍රිකා 94 බලයට ආවාට පසු තමන්ගේ අම්මට යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් වෙච්ච මේ අසාධාරණය වළක්වන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් රැගෙන ආවාය. එතකොට මැතිනිය චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිවරියය. ඒ වෙද්දිත් ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් මැතිනියගේ ප්‍රජා අයිතිය යළි හිමිකරදී තිබුණත් සිය මවට වූ අසාධාරණය නැතිකර ගැනීම සඳහා චන්ද්‍රිකා ගෙන ආ යෝජනාවෙන් කියැවුණේ එවැනි සිදුවීමක් සිදුනොවුණු බවත්, එය පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතු බවත්ය. එදා ජේ.ආර්.ගේ යෝජනාවට පක්ෂ වූ එජාපය චන්ද්‍රිකා ගෙනා මේ යෝජනාවට කිසිදු විරෝධයක් දැක්වූයේ නැත. චන්ද්‍රිකා මැතිනියට සාධාරණය ඉෂ්ඨ කළේ එහෙමය.
බැසිල් ඉල්ලන්නේත් ඒ සාධාරණයමය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

සිනමාවේ රහ වේදිකාවේ නැහැ

Next Post

ධරණිගේ අයිතිකාරයා කවුද?

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.