• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ විපක්ෂය පණ මදිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 26, 2020
in Exclusive, Gurudawa
Reading Time: 1 min read
A A
සජිත්ගේ විපක්ෂය පණ මදිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

“සජිත්ට විපක්ෂනායකකම කරන්න දන්නේ නැහැ…”
“සජිත් පණ මදි…”
“සජිත්ගේ විපක්ෂය මහින්දගේ විපක්ෂයේ කාබන් කොපියක්…”
“සජිත්ගේ විපක්ෂය ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ…”
මේ මෙරට ප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන න්‍යායාචාර්යවරුන් කොළඹ තරු පහේ හෝටල්වල එක්රොක් වී නඟන මැසිවිල්ලකි.
“කෝ… මොකක්ද සජිත්ගේ විපක්ෂය 20 පරාජය කරන්න කරන්නේ…?”
මේ න්‍යායාචාර්යවරුන් මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා පුවත්පත් මාධ්‍ය හරහා අහන්නේ ඔය ප්‍රශ්නයය.
ලංකාවේ පාර්ලිමේන්තුවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි තීරණාත්මක ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් විය. 2001 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකට එකතු වෙලාය. හැබැයි 2010 ඉදිරිපත් වූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් 2015 ඉදිරිපත් වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එසේ නොවේ. මේ සංශෝධන දෙකම ගෙන ආවේ විපක්ෂයේ විරෝධය මධ්‍යයේය.
2010 දි 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විට එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණේ නැත. තුනෙන් දෙකක බලය ගන්න විපක්ෂයේ මන්ත්‍රිවරු බාගන්න වැඬේ කළේ බැසිල් රාජපක්ෂය. අනෙක 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මහින්දගේ ආණ්ඩුව නියෝජනය කළ වාමාංශික පක්ෂ මන්ත්‍රිවරුන් විරෝධය පළකොට තිබිණි. මේ නිසාම 18 සම්මත වේදැයි බියක් මහින්දලාට තිබිණි. ඒ වෙලාවේ තිබුණේ දෙකඩ වුණු විපක්ෂයක් නොවේ. රනිල්ගේ නායකත්වයෙන් එජාපය මහ මැතිවරණයට තරග කොට ආසන 60ක් ලබාගෙන තිබිණි. ජවිපෙ ෆොන්සේකාගේ පක්ෂය සමග තරග කොට ආසන 7ක් ගෙන ශක්තිමත් තැනක සිටියේය. ආණ්ඩුවට ආසන තිබුණේ 144ක් පමණි. තුනෙන් දෙක ගන්න විපක්ෂයෙන් මන්ත්‍රිවරු අවශ්‍ය විය. ආණ්ඩුවේ වාමාංශික පක්ෂ මන්ත්‍රිවරුන් 18ට එරෙහිව ඡන්දය දෙයි කියා බියක්ද තිබිණි.
නමුත් 2010 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන විට රනිල්ගේ විපක්ෂය විපක්ෂයේ වගකීම ඉටුකළේ නැත. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට එයට විපක්ෂ නායක රනිල්ගේ සහාය ගන්න මහින්ද ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කරන්න රනිල්ට ආරාධනා කළේය. රනිල්ද මහින්ද හමුවීමට ගියේය. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී යූ.ඇන්.පී. මන්ත්‍රිවරු මෙවැනි තීරණාත්මක අවස්ථාවක රනිල් මහින්ද හමුවීම වැරැදි යැයි කීහ. රනිල් කීවේ තමා විපක්ෂ නායක ලෙස මහින්ද හමුවීම ප්‍රතික්ෂේප කළා නම් තමන්ට ආණ්ඩුව පහර ගසයි කියාය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කොට දවස් දෙකකින් රනිල් ඉන්දියාවේ තම මිත්‍රයකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ඉන්දියාව බලා ගියේය. රනිල් යළි ලංකාවට ආවේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට දවස් දෙකක් තිබියදීය. යූ.ඇන්.පී.යේ රනිල් විරෝධීන් චෝදනා කළේ රනිල් මහින්ද එක්ක කතා කරගෙන විදේශගත වූ බවයි. බැසිල් යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන් බාගෙන තුනෙන් දෙක හදාගත්තේ රනිල් විදේශගතව සිටි කාලයේදීය. රනිල් විදේශගත වීමට පෙර හෝ යළි ලංකාවට පැමිණි විට 18 සිදුවිය යුතු වෙනස්කම් ගැන මහින්ද එක්ක සාකච්ඡා කරනවා කීවා මිස එයට එරෙහිව කතාකොට විපක්ෂය සංවිධානය කළේ නැත. අන්තිමේදී 18ට එරෙහි වන්න සූදානමින් සිටි වාමාංශික මන්ත්‍රිවරුද මහින්ද සහ රනිල් අතර ගනුදෙනුව ගැන ඉව වැටී සිය විරෝධය ඉවත් කරගෙන 18ට පක්ෂව ඡන්දය දුන්හ.
2015 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට රනිල් අගමැති වූ යූ.ඇන්.පී. ආණ්ඩුවක් තිබුණාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබුණේ නැත. බහුතර බලය තිබුණේ විපක්ෂයේ සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. 19 පරාජය කරන්න ඔවුන්ට වුවමනාවටත් වඩා මන්ත්‍රිවරු සිටියහ. එහෙත් ඔවුන් සිටියේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ හොරු අල්ලන මෙහෙයුමට බය වෙලාය. මහින්දගේ දරුවන් සහ බිරිය හිරේ දමනවා කියා මෛත්‍රි මහින්දව බයකොට ශ්‍රීලනිප නායකත්වය ගෙන මහින්දව දේශපාලනයෙන් ඉවත් කර තැබුවේය. මහින්ද 19 ගැන වචනයක්වත් කතා කළේ නැත. ඇවන්ට්ගාර්ඞ් චෝදනාව සම්බන්ධයෙන් ගෝඨාභයව ප්‍රශ්න කිරීමට ලක්කර තිබූ අතර ඔහු හිරේ යෑමෙන් බේරෙන්න උසාවි ගානේ ගියේය. ඔහුත් 19 ගැන වචනයක්වත් කතා කළේ නැත. බැසිල් හිටියේ විදේශගත වෙලාය. ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු හිටියේ අන්ත අසරණ වෙලාය. ඔවුන්ගෙනුත් මන්ත්‍රි බොහොමයක් මෛත්‍රි සහ රනිල් ආණ්ඩුව නඩු පටලවයි කියා බයෙන් සිටියහ. අවසානයේ සරත් වීරසේකර ඇරෙන්න හැමෝම 19ට පක්ෂව ඡන්දය පාවිච්චි කළහ.
අද මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇවිත් තියෙන්නේ 18ත්, 19ත් ඉදිරිපත් වූ පරිසරයට වඩා වෙනස්ම දේශපාලන පරිසරයකය. ගෝඨා – මහින්ද ආණ්ඩුවට 2020 මහ මැතිවරණයේදී පැහැදිලිව තුනෙන් දෙකක් ලැබිණි. යූ.ඇන්.පී.ය මහ ඡන්දයට ඉදිරිපත් වූයේ දෙකඩ වෙලාය. සජිත්ගේ සමඟි ජන බලවේගයට හිමිවූයේ ආසන 54කි. ජවිපෙට හිමිවූයේ මන්ත්‍රි ආසන තුනකි. 2010දී මෙන් නොව සජිත්ගේ විපක්ෂයේ ඉන්නා ප්‍රබලයන් වන චම්පික, රාජිත, රන්ජන්ට නඩු පවරා හිරේ දමා නිදහස් වී තිබිණි. නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ දූෂණ සිදුවූ බවට චෝදනා කොට විපක්ෂ නායක සජිත්ව අත්අඩංගුවට ගන්නා බවට ආණ්ඩුව කිහිප විටක්ම තර්ජනය කොට තිබිණි. දැනටමත් ආණ්ඩුව චෝදනා ගොනුකරමින් සිටී. රංජිත් මද්දුමබණ්ඩාර, හරේන් ප්‍රනාන්දු, ෆොන්සේකා, කිරිඇල්ල වැනි විපක්ෂ මන්ත්‍රිවරුන්ව කොමිසම්වලට කැඳවමින් ඇත. රන්ජන්ට එරෙහි චෝදනා බරපතළය. චම්පිකට නඩු දමා ඇත. රාජිතටත් එහෙමය. මේ සියල්ල මධ්‍යයේ සජිත්ගේ විපක්ෂය පසුගිය අඟහරුවාදා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන විට පාර්ලිමේන්තුවේ යකා නැටූහ. එපමණක් නොව ඔවුහු 20ට එරෙහිව උසාවි ගියහ. 18 ගේනකොට විපක්ෂ නායක රනිල් රට යන්න ඇඳුම් බෑග් සූදානම් කරමින් සිටියේය. 19 ගේනකොට විපක්ෂ නායක නිමල් සිරිපාල මෛත්‍රි – රනිල් ආණ්ඩුව එක්ක ඇමැති ධුරයක් ගන්න සාකච්ඡා කරමින් සිටියහ. රාජපක්ෂලා හිටියේ සද්ද වහගෙනය. ඒත් මෙවර සජිත්ගේ විපක්ෂය 18 ගේන වෙලාවේත්, 19 ගේන වෙලාවේත් නොතිබුණ ශක්තිමත්ම ආණ්ඩුවක් එක්ක බය නැතිව හැප්පුණේය. 2010දි 18 ගෙන එද්දි රාවුෆ් හකීම් සහ මන්ත්‍රිවරු යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන් ආණ්ඩුවට යද්දි විපක්ෂ නායක ලෙස රනිල් වචනයක්වත් කීවේ නැත. ඒත් 20 ගෙන එද්දී විපක්ෂ නායක සජිත් කීවේ 20ට සහාය දෙන්න විපක්ෂයේ මන්ත්‍රිවරු යනවා නම් ඒ යන්නේ මුදල්වලට කියාය. රනිල් විපක්ෂ නායක ලෙස 2010 දි යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවේ සිටි රුක්මන්ට මන්ත්‍රි ධුරය නොදී මුස්ලිම් කොංග්‍රසයට ජාතික ලැයිස්තුවෙන් අත දිගහැර මන්ත්‍රි ධුර දුන්නේය. ඒත් මෙවර සජිත් මුස්ලිම් කොංග්‍රසය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ඉල්ලනකොට නොදුන්නේ ඔවුන් ආණ්ඩුවට යන බව දැනගෙනය. එදා 2010 සිරගත කොට සිටි සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුව ඒමට රාජපක්ෂ ආණ්ඩුව ඉඩ නොදෙන විට විපක්ෂ නායක ලෙස රනිල් සහ විපක්ෂය හිටියේ කට වහගෙනය. ඒත් එදා මිනීමැරුමකට චෝදනා ලද ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු ගේන විට සජිත්ගේ විපක්ෂය පාර්ලිමේන්තුව දෙවනත් කොට ජාත්‍යන්තරයේද ඇස් ඇරෙව්වේය.
“ඉතින් ඇයි එන්.ජී.ඕ. කට්ටිය සජිත් පණ නැහැ කියන්නේ…?”
මේ රාජ්‍ය නොවන සංවිධාන මෙපමණ කල් කළේ තමන්ට අරමුදල් ලැබෙන ජාතික ප්‍රශ්නය ගැන එලෙස අරමුදල් දෙන ආයතනයන්ට අවශ්‍ය ප්‍රතිපත්තිය රටේ ප්‍රධාන විපක්ෂය වන යූ.ඇන්.පී.යේ ප්‍රතිපත්තිය බවට පත්කර ගෙන රනිල්ව ආරක්ෂා කිරීමය. රනිල්ද තම නායකත්වය ආරක්ෂා කර ගන්න මේ රාජ්‍ය නොවන සංවිධානවල රූකඩයක් ලෙස වැඩ කළේය. මේ රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය යූ.ඇන්.පී.ය බලයට ගෙන ඒම නොව යූ.ඇන්.පී.ය තම සාක්කුවේ දමාගෙන විදේශ ආයතනවලින් අරමුදල් ලබාගැනීමය. ඒකට යූ.ඇන්.පී.ය හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනාවලට පක්ෂ වෙන්න ඕනෙය. යූ.ඇන්.පී.ය හමුදාවට පක්ෂව කතා කරන්න බැරිය. සුළු ජාතික ඡන්ද ගන්න යූ.ඇන්.පී.ය සිංහල ජනතාවගේ ප්‍රශ්නවලට වඩා දමිළ, මුස්ලිම් ප්‍රශ්න ගැන කතා කළ යුතුය. යූ.ඇන්.පී. ඡන්ද පදනම දියවෙලා ගියේ යූ.ඇන්.පී.යට සිංහල ඡන්ද නැති වූයේ මේ රාජ්‍ය නොවන සංවිධානවල රූකඩ වෙන්න ගිහිල්ලාය.
දැන් රනිල් සහ යූ.ඇන්.පී.ය ඉවර බව මේ රාජ්‍ය නොවන සංවිධානද දනී. තමන් පහුගිය කාලයේ රනිල්ව ආරක්ෂා කරමින් සජිත් ජාතික නායකයකු නොවේ යැයි කියමින් සජිත්ට පහර ගහපු නිසා සජිත් සමඟ ගනුදෙනු කිරීම අපහසු බව ඔවුන් දනී. ඔවුන් බලන්නේ රනිල්ව මෙන් සජිත්වද තම ග්‍රහණයට ගන්නටය. ඒකට ඔවුන් සජිත්ට සහ සමඟි ජන බලවේගයට පහරදී බය කරලා තම දෙපා මුලට ගෙන්වා ගන්න බලයි.
මානව හිමිකම්වලට ගරුකළ යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මානව හිමිකම් ගැන කතා නොකරන කාලයේ මානව හිමිකම් ආරක්ෂා කරන වගන්තිය ඇතුළත් කළේ යූ.ඇන්.පී.යය. ඒ 1978 දීය. මානව හිමිකම් ගැන කතා කරන්න සුළු ජාතිකයන්ට සිදුවන අසාධාරණ ගැන කතා කරන්න රාජ්‍ය නොවන සංවිධානවල රූකඩ විය යුතු නැත. සජිත්ගේ විපක්ෂය පළමුව තමන්ට අහිමි වී ගිය සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගන්නා ගමන් සුළු ජාතික ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මොකද ජේ.ආර්. වරක් කී ලෙස දේශපාලන පක්ෂයක පළමු අරමුණ බලය ලබා ගැනීම මිස රාජ්‍ය නොවන සංවිධානයක් මෙන් සංවිධානය නඩත්තු කරන්න මුදල් ලබාගැනීම නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සියලු වාචික නියෝග චක්‍රලේඛ: ගෝඨාගෙන් දැඩි තීන්දුවක්

Next Post

ගැහැණු ළමයිහි කුසුම් වුණු කොන්වන්ට් එකේ පොඩි කෙල්ල

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.