සිය කැබිනට් අමාත්‍යවරයා විසින් තමන්ට රාජකාරී කරගෙන යාමට ඉඩ නොදෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා සදහන් කොට ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ජාවකදී ජයරත්න මහතා මේ බව සදහන් කොට තිබේ.
තමන් නොදැනුවත්ව අමාත්‍යවරයා විසින් විදෙස් රැකියා සදහා තම දිස්ත්‍රික්කයේ අයදුම් පත් බෙදා හැර ඇති බවත් ඒ මහතා සදහන් කොට ඇත.
තවදුරටත් මේ අයුරින් කටයුතු සිදුවන්නේ නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවද හෙතෙම එහිදී සදහන් කොට ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් ජයරත්න මහතා අගමැතිවරයාටද පැමිණිලි කොට ඇති බවද වාර්තා වේ.










