ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වන දඹාන ආදිවාසී ගම්මානයේ විශේෂ නිරික්ෂන චාරිකාවක යෙදිණ.
මෙහිදී ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් සමඟ පිළිසඳරක යෙදෙමින් ආඳිවාසී ජනතාව මුහුණ පාන ගැටළු පිළිබඳව දීර්ඝ සාකච්ඡා කළ අතර ඒවාට කඩිනම් පියවර ගන්නා බවට පොරොන්දු විය.
එමෙන්ම මාදුරු ඔය රක්ෂිත වනයේ මී වද කැඩීමට ගොස් වන අලි ප්‍රහාරයකින් මිය ගිය දඹාන ආදිවාසියකු වන තලාවරිගේ කරුණාරත්න නමැත්තාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටද ගරු ආණ්ඩුකාරතුමා සහභාගී විය.
අනතුරුව ආදිවාසී ජනතාවගේ උරුමයන් කියාපාන මෙතෙක් කල් ඔවුන්ගේ පණමෙන් රැකි කෞතුකාගාරය නැරඹීමටද එතුමා සහභාගී විය.
ගරු ආණ්ඩුකාරතුමන් ඇතුලු සහභාගී වූ පිරිසට ආදිවාසී ජනතාව ඔවුනගේ සංස්කෘතික නැටුම් අංගයක් වන කිරි කොරහ නැටුම නැටීමෙන් ඔවුනට ආශිර්වාද පැතුවේය.













