19 වැනි සංශෝධනය පසුගිය පස් වසර තුළ සියලුම ක්ෂේත්‍රයන්ගෙන් අසමත් වී ඇති බව මාතලේ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.
20 වැනි ව්‍යවස්ථා කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
හෙතෙම පෙන්වා දුන්නේ වෙළෙදපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී හොද හැටි සොයා බලා ගත හැකි වුවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක හොද නරක සොයාගත හැකි වන්නේ එය ක්‍රියාත්මක වීමෙන් පසුව බවය.
ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වීමේදී සියලුම ක්ෂේත්‍රයන්ගෙන් අසාර්ථක වී ඇති බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උදාහරණ සහිතවම පෙන්වා දුන්නේය.









