• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමේන්තුවේ මෝටර් බයිසිකල් ප්‍රශ්නයක් (VIDEO)

September 24, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
පාර්ලිමේන්තුවේ මෝටර් බයිසිකල් ප්‍රශ්නයක්  (VIDEO)
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ මෝටර් බයිසිකල් ආනයනය සඳහා පනවා ඇති තනහම හේතුවෙන් රට තුළ යතුරුපැදි හිගයක් මතුව ඇති බවත්, එම තත්ත්වය යටතේ ග්‍රාමීය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශවල සේවකයින්ද දැඩි අපහසුතාවකට මුහුණ පා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කර සිටීමටද පියවර ගත්තේය.

ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ස්ථාවරය මෙසේය.

මෝටර් බයිසිකලය යනු සාමාන්‍ය පවුල්වල සාමාජිකයින් විසින් තම එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගනු ලබන ජනප්‍රියතම වාහනය වන අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ද බහුලව තම ව්‍යාපාරික කටයුතු සඳහා භාවිත කරනු ලබන වාහනයයි. එසේම, රජයේ හා පෞද්ගලික අංශවල සේවකයින් විසින්ද සේවා ස්ථානයට යාමට හා නැවත නිවෙස් බලා එ්මට මෝටර් බයිසිකල් භාවිත කරනු ලබයි. එපමණක් නොව, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ආහාර හා වෙනත් පාරිභෝගික භාණ්ඩ නිවෙස් වෙත බෙදා හැරීමේ ව්‍යාපාර සඳහාද යොදා ගනු ලබන්නේ මෝටර් බයිසිකලයයි. ඒ අනුව, කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ග්‍රාමීය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා වැදගත් මෙවලමක් වශයෙන්ද මෝටර් බයිසිකලය හැඳින්වීමේ කිසිදු වරදක් නොමැත.

  1. කෙසේ වුවද, වර්තමානයේ මෝටර් බයිසිකල් ආනයනය සඳහා පනවා ඇති තනහම හේතුවෙන් ග්‍රාමීය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශවල සේවකයින්ද දැඩි අපහසුතාවයකට පත් වී සිටිති. එසේම, මෝටර් බයිසිකල් අලෙවිය තම ජීවනෝපාය කොට ගත් අලෙවි නියෝජිත ආයතන හිමිකරුවන් හා එම ආයතනවල සේවය කරනු ලබන සේවකයින් ද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති. තවද, මෝටර් බයිසිකල් ආනයනය කරන ලද සමාගම් විශාල ප්‍රමාණයක්ද තම සේවකයින්ට පඩි නඩි ගෙවීමේ අපහසුතාවන්ට මුහුණ පා ඇත. මේ හේතුවෙන් දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇත.
  2. මීට අමතරව රජයට සැළකිය යුතු බදු ආදායමක්ද අහිමි වන අතර බැංකු හා මූල්‍ය සමාගම්වලටද මෙමගින් ඉතා අහිතකර බලපෑමක් එල්ල කරනු ලබයි. මෙම ආනයන තහනම ක්‍රියාත්මක කිරීමේ හේතුව විදේශ විනිමය පිටතට ගලා යෑම වැලැක්වීම බව රජය නියෝජනය කරන ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද, ආනයන කාලසීමාවන් සැලකීමේදී ණයවර ලිපි නිකුත් කිරීමෙන් අනතුරුව මුදල් පිටතට යන්නේ අවම වශයෙන් මාස 06 ක කාලසීමාවකට පසුව බැවින් හැකි ඉක්මනින් මෙම තහනම ඉවත් කිරීමේ කිසිදු බාධාවක් නිරීක්‍ෂණය නොවේ. එසේම, මෙම ආනයන තහනම ඉවත් නොකරන්නේ නම් දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් පැවතිය යුතු නමුත් එවැනි කිසිදු වැඩපිළිවෙලක්ද මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැත.
  3. මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් වශයෙන් සලකා පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
    1) මෝටර් බයිසිකල් ආනයනය කිරීම සඳහා තහනමක් පැනවීමට හේතු වූ කරුණු මොනවාද? එම තහනම වහාම ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

2) මෝටර් බයිසිකල් ආනයනය කිරීම සඳහා පනවා ඇති තහනම හේතුවෙන් සමාන්‍ය ජනතාව මෙන්ම රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ද, ආනයන සමාගම් සේවකයින්ද, අලෙවි නියෝජිතයින් හා ඔවුන්ගේ යැපෙන්නන්ද අන්ත අසරණභාවයට පත්ව ඇති බව රජය විසින් පිළිගනු ලබන්නේද? නොඑසේ නම් ඊට හේතු මොනවාද?

3) දේශීය වශයෙන් මෝටර් බයිසිකල් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් රජය සතුව තිබේද? එසේ නම් ඒ සම්බන්ධව මෙම ගරු සභාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේද?

SendShareShare
Previous Post

යූඑන්පී මන්ත්‍රී ධූරය අවුරුදු අසූවේ ජෝන්ට

Next Post

සිරිසේනටයි-ලේකම් සමීරටයි පාස්කු කොමිසමෙන් දැඩි අවවාද

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.