පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩු පක්ෂයේ චරිත හේරත් මහතාට හිමිව ඇත.
සෙසු සාමාජිකයන් ලෙස පත්ව ඇත්තේ මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත්, ඉන්දික අනුරුද්ධ, දිලුම් අමුණුගම, සරත් වීරසේකර, ඩී.වී. චානක, නාලක ගොඩහේවා, අජිත් නිවාඩ් කබ්රාල්, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර්, ශානක්‍යම් රාජමානික්කම් සහ ප්‍රේම්නාත් සී. දොලේවත්ත යන මැතිඇමැතිවරුන්ය.
කෙසේවෙතත් යහපාලන රජය යටතේ ආණ්ඩු පක්ෂයට බහුතර බලය තිබුණද කෝප් කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිය.










