• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපනයේ රැඩිකල් පෙරළියකට ගෝඨා සූදානම්

September 22, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
අධ්‍යාපනයේ රැඩිකල් පෙරළියකට ගෝඨා සූදානම්
Share on WhatsAppShare on Facebook

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතුයැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (21) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් හෝ නියාමනයක් හෝ  නොතිබිණ. එබැවින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ජනාධිපතිතුමා කීය.

“නිදහස් මනසකින් අධ්‍යාපනය ලැබීමේ පසුබිම දරුවාට සකස් කර දීම සහ දරුවා නිරන්තරයෙන් ඇගයීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක්. මුදල් අය නොකරන පෙර පාසල්වල ගුරුවරුන්ට දීමනාවක් ගෙවීමට අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් නියාමනය සහ පුහුණුව තවත් ඉලක්කයක්.  පෙර පාසල් දරුවන්ට පූර්ව කුසලතා සංවර්ධනයට දේශීයව නිෂ්පාදිත උපාංග කට්ටලයක් ලබාදීමටත් අප සැලසුම් කළා. දිවයිනේ සියලු පාසල් සතු සම්පත් හඳුනාගෙන නිසි ලෙස කළමනාකරණය  නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ ප්‍රධානතම වගකීමක්”  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

 ජාතික සහ පළාත් පාසල්වල වගකීම්භාර නිලධාරීන් කාර්යාලවලට සීමා නොවී පාසල් වෙත ගොස් ගැටලු හඳුනාගෙන විසඳුම් දිය යුතුය.  ගුරුවරුන් අධ්‍යාපන කාර්යාල වෙත එනවා වෙනුවට නිලධාරීන් පාසලට ගොස් ගුරු ගැටළුවලට විසඳුම් දීමේ ක්‍රමයක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සිය වෘත්තියට අදාළ විවිධ අවශ්‍යතා සඳහා කලාප කාර්යාල වෙත යන ගුරුවරුන්ට විඳීමට සිදුවන ගැහැට පිළිබඳව කනගාටුව පළ කළ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන් ගුරුවරුන්ගේ ගැටළු විසඳීමට සහය විය යුතු බව පැවසීය. සියලු පාසල්වල පානීය ජල සහ සනීපාරක්ෂක අවශ්‍යතා කෙටි කාලයකදී සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ආබාධ සහිත දරුවන් සමාජගත කිරීමට ඉවහල් වනු අයුරින් ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය පිණිස විශේෂ අධ්‍යාපන ඒකක දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබේ. එවැනි දරුවන් සිටින පවුල් පත්ව සිටින මානසික සහ ආර්ථික කඩාවැටීමෙන් ඔවුන් මුදා ගැනීමට මූල්‍යමය දායකත්වය දිය යුතු බව  බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පීඩාවට සහ හිංසනයට පත්වන කාන්තාවන්ගේ යහපත පිණිස  කාන්තාව පිළිබඳ ජාතික කමිටුවක අවශ්‍යතාව සලකා පාර්ලිමේන්තු පනතකින් අවශ්‍ය නීති සම්මත කර ගැනීම අද රැස්වීමේදී සාකච්ඡාවට ලක් කෙරිණ.

අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීමටත්, දරුවාට කැලලක් නොවන ආකාරයෙන් සාක්ෂි විමසීමට සංවෘත අධිකරණ පහසුකම් ස්ථාපනය පිළිබඳවත් අවධානය යාමු විය.

පංති කාමරයෙන් පිටව යන දරුවා තම පුටුව සහ මේසය නිසි අයුරින් තබා යාමට පුරුදු කිරීමේ සිට  රටට, සමාජයට ආදරය කරන ආකල්පමය වෙනසක් සහිත පුරවැසියෙකු බවට පත් කෙරෙන අධ්‍යාපනයක් සකසන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

කියන කතා අහන් ඉන්න මෛත්‍රීපාල කොමිසමට එයි

Next Post

චම්පික ආණ්ඩුවේ හොඳක් පෙන්වයි (VIDEO)

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.