අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඇතිකරගත් එකගතාව කඩා බිද දමන ලෙසට ප්‍රේමදාස පිලේ මන්ත්‍රීවරුන්ගෙන් සජිත් ප්‍රේමදාස මහතාට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බව වාර්තා වේ.
ඒ අනුව දැනට විනය පරීක්ෂණ ක්‍රියාත්මක මන්ත්‍රිවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පෙරේරා වැනි අමාත්‍යවරුන් ඒ සම්බන්ධයෙන් දැඩිව ප්‍රේමදාස මහතාට බලපෑම් එල්ල කරමින් සිින බව දැනගන්නට ඇත.
මේ හේතුව මත ප්‍රේමදාස මහතා එම මන්ත්‍රිවරුන් දෙනො ඇතුළු තවත් කිහිපදෙනකුගෙන්ම එන දුරකතන ඇමතුම්වලට පවා මේ දිනවල ප්‍රතිචාර නොදක්වන බවක් දැනගන්නට තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා හා අගමැතිවරයා අතර මෙම එකගතාවන් ඇතිවූයේ ඉකුත් බ්‍රහස්පතින්දා (29) දිනයේදී අරලිය ගහ මන්දිරයේදී දෙදෙනා අතර පමණක් සිදුවූ මුහුණට මුහුණ හමුවකින් පසුවය.











