• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

දේශබන්දුගේ කකුලෙන් අදින්නේ කව්ද?

September 21, 2020
in CID, Exclusive
Reading Time: 5 mins read
A A
දේශබන්දුගේ කකුලෙන් අදින්නේ කව්ද?
Share on WhatsAppShare on Facebook

අපරාධකරුවන් සතුව විශාල වශෙයන් ගිනි අවි සංසරණය වන බව බුද්ධි අංශ සහ පොලිස් විමර්ශනවලින් මේ වන විටත් තහවුරු වී හමාරය. පාතාල අපරාධකරුවන් සතුව වැඩි වශයෙන් ඇතැයි සැලෙකන්නේ ටී-56 අවිය. ආරක්ෂක අංශවලට සිතා ගන්නට බැරි තරම් ටී-56 අවි ගොන්නක්ම පාතාල අපරාධකරුවන් අතර ඇතැයි මේ වන විටත් හෙළිවී හමාරය. එම අවිවලින් වැඩි ප්‍රමාණයක් පාතාල අපරාධකරුවන් අතට පත්ව ඇත්තේ මින්නේරිය ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ආශ්‍රිතවය. ඒ දූෂිත හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු මගිනි. ඒ අයගෙන් කිහිප දෙනෙක් මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.

අවි ඇද්ද මාධ්‍යවේදියා ගිරා පෝතකයෙක් වගේ වමාරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තොරතුරුවලින් අනාවරණය වී ඇති ආකාරයට පසුගිය වසර දෙක තුන තුළ අපරාධකරුවන් අතට එම දූෂිත නිලධාරීන් හරහා ලැබී ඇති ටී-56 අවි ප්‍රමාණය පමණක් සිය ගණනකි. එම අවි බොහොමයක් එකී දූෂිත නිලධාරීන්ගෙන් මිලදී ගෙන ඇතැයි කියැවෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ සමීපතයෙක් වූ කැවුමා නැමැති පාතාලයේ අපරාධකරු සහ කොස්ගොඩ තාරක යන අපරාධකරුවන්ය. මේ දෙන්නාම දැන් සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ මත්කුඩු ජාවාරම, මංකොල්ලකෑම් සහ මිනිස් ඝාතන සැකකරුවන් ලෙසිනි. කොස්ගොඩ තාරක මෙම අවි මිලදී ගැනීම සිදුකරන්නේ බන්ධනාගාරයේ සිටය. ඒ සිය ගෝලයින් මෙහෙයවමිනි. අවසන් වරට තාරකට එම දූෂිත නිලධාරීන්ගෙන් ලැබුණේ යැයි කියැවෙන ටී-56 අවි ප්‍රමාණය තිහ හතලිහකට වැඩිය. එම අවි ඔහු සිය ගෝලබාලයින් මගින් කොළඹට රැගෙන එන්නේ කොවිඞ් 19 වසංගතය අස්සේ පැවැති නිරෝධායන ඇදිරි නීතිය පැවතියදීය. ඒ මෙම කල්ලියට හිතවත් මාද්‍යවේදියෙක්ගේ සහය ඇතිවය. එම මාධ්‍යවේදියා මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. ගිරා පෝතකයෙක් මෙන් ඔහු මෙම අවි ජාවාරම ගැන පමණක් නොව, පාතාලයේ සුරතලුන් බවට පත්ව සිටි තවත් මාධ්‍යවේදීන් පිරිසක් සම්බන්ධයෙන්ද බොහෝ තොරතුරු හෙළිකර හමාරය. මෙම අවි ජාවාරම ගැන තොරතුරු මේ තරමටවත් හෙළිවන්නේ විශේෂ කාර්ය බළකාය විසින් හෝමාගම පිටිපන පිහිටි ව්‍යාපාරික ස්ථානයක සඟවා තිබියදී සොයාගත් ටී-56 අවි 11 සහ ටී-81 ගිනි අවිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිරීමේදීය. එසේ නොවන්නට පාතාලයේ මෙම ගිනි අවි සෙල්ලම අදටත් අභිරහසක් වනු ඇත.
මෙම අවි ජාවාරමට දූෂිත හමුදා සාමාජිකයන් පමණක් නොව, පොලීසියේද කිහිප දෙනෙක් සම්බන්ධය. එසේම මාධ්‍ය වෘත්තියේ නිරතව සිටින සුදු පිරුවට හැඳි කිහිප දෙනෙකුගේද නම් එළියට ඇවිත් හමාරය. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාධා ගොන්නකි. එසේ නොවන්නට ඒ අය ද මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. මේ අය කොස්ගොඩ තාරකගේ පාතාලයේ ම්ලේච්ඡත්වය ගැන එක වචනයක්වත් නොලියූ අයය. ඒ වෙනුවට කර ඇත්තේ ඔවුන්ගේ ගුණ වැයීම බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන හමාරය. කොස්ගොඩ තාරකද මේ වනවිටත් ඒ ගැන බොහෝ තොරතුරු වමාර ඇත්තේය.

කොස්ගොඩ තාරක ගැන ගිය බොරුව

ගිනි අවි සම්බන්ධයෙන් කෙරන විමර්ශනයට අදාළව කොස්ගොඩ තාරක සති දෙකක් තිස්සේ සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. ඒ රඳවා ගැනීමේ නියෝගයකට අනුවය. කංජිපානි ඉම්රාන්ගේ නායකත්වයෙන් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වෙමින් උපවාසයක නිරතවන විටද කොස්ගොඩ තාරක සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. එහෙත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ කොස්ගොඩ තාරක ද ආහාර වර්ජනයේ නිරතව සිටින බවකි. කිසිදු මාධ්‍යකට ඇස නොගැටෙන්නත් නොදැනෙන්නටත් කොස්ගොඩ තාරකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන පරීක්ෂණ පවත්වන්නට තරම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බලධාරීන් සූක්ෂම වන්නේ කොස්ගොඩ තාරකගෙන් වරප්‍රසාද ලබන්නන් අතර මාධ්‍ය වෘත්තිකයන්ද සිටින්නට වූ බැවිනි. බන්ධනාගාර බලධාරීන් පවා කිසි විටකත් කොස්ගොඩ තාරක මේ වන විට බූස්සේ නොමැති බව නොකියා සිටින්නට ඇත්තේද ඒ නිසා වන්නට ඇත. මාධ්‍ය වෘත්තිකයන්ව තමාට සම්බන්ධකර දුන් අය මෙන්ම එම මාධ්‍ය වෘත්තිකයන්ට ලබා දුන් වරදාන පවා කොස්ගොඩ තාරක ගිරා පෝතකයෙක් මෙන් මේ වන විටත් හෙළිකර හමාරය. එසේම ඔහුට තිබුණු දේශපාලන සම්බන්ධකම් ගැන මෙන්ම සිය මව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කිරීමට තිබුණු සැලසුම් පවා ඔහු හෙළිකර ඇත්තේ තමාට ඇති දේශපාලන හයි හත්තිය ගැන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට කියා පාමිනි. නිලේකා ජුවලරි මංකොල්ලයට අඟුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි තාරකව කොළඹ බන්ධනාගාරයකට මාරුකර ගැනීමට ආරක්ෂක අංශයක නිලධාරීන් පිරිසකගේ සහ මාධ්‍ය වෘත්තිකයන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව කළ ව්‍යාජ මාධ්‍ය වාර්තා කිහිපයක් ගැන පවා කොස්ගොඩ තාරක හෙළිකර ඇත්තේ මුදල්වලට නොකරන්නට බැරි දෙයක් නැතැයි සදහන් කරමිනි.
කොස්ගොඩ තාරක තවත් බොහෝ දේවල් හෙළිකර ඇත. ඉදිරියේදී සියල්ල ආරක්ෂක ලේකම්වරයා මගින් රටේ ඉහළම බලධාරීන් අතට පත්වනු ඇත. එවිට කොස්ගොඩ තාරකගේ පාතාල අපරාධවලට හවුල් වී මේ වන විට නිදහසේ සිටින බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග තමන්ට ලැබෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු දැඩි විශ්වාසයකින් සිටිති.
කැවුමා අදාළ දූෂිත හමුදා නිලධාරීන් මගින් ගිනි අවි මිලදී ගැනීමක් කර ඇත්තේ කොස්ගොඩ තාරකට පෙරය. කැවුමාගේ ගිනි අවි ජාවාරම ගැන තොරතුරු හෙළිකර ගන්නේද විශේෂ කාර්ය බළකාය විසිනි. ඒ ඉකුත් සතියේදී කළ වැටලීමකදී කැවුමාගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. කැවුමාගේ ගෝලයින් සඳහන් කරන ආකාරයට අනුව ටී-56 අවි ඇතුළු අවි ආයුධ ඔවුන් කැවුමාගේ නියෝග මත පොළොන්නරුවේ සිට රැගෙනවිත් ඇත්තේ හාල් ගෝනි තුළ සගවාගෙවය. ගිනි අවි ප්‍රමාණය කොපමණදැයි නිශ්චිතවම හෙළිවී නැතත් සිය ගණනක් එසේ ගිනි අවි අවස්ථා කිහිපයකදීම ඔහුට ලැබී ඇතැයි විශේෂ කාර්ය බළකාය විශ්වාස කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට කැවුමා සහ කොස්ගොඩ තාරක අතට පත්වුණු මෙම ගිනි අවි සියල්ලක්ම පාහේ යුද්ධය අවසන් වීමෙන් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින්ගෙන් සොයාගෙන මින්නේරිය කඳවුර තුළ ගොඩ ගසා තිබූ ඒවාය. දූෂිත නිලධාරීන් කඳවුරෙන් එම අවි සොරාගෙන පාතාලයට අලෙවි කර ඇත්තේ මුදලට ඇති තණ්හාවටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ මේ වන විටත් ඒ අයගෙන් කිහිප දෙනෙකු සිටින්නේ පාතාලයට ගිනි අවි අලෙවි කිරීම ගැන තැවෙමිනි.
මාකදුරේ මධුෂ් ඩුබායිහි රැඳී සිටියදී ඔහුගේ සැලසුමකට අනුව පන්නිපිටියේ ව්‍යාපාරිකයෙක් සතුව තිබුණු කෝටි ගණනක් වටිනා ඔප මට්ටම් නොකළ දියමන්තියක් කොල්ලකෑම පිටුපසද සිටියේ කැවුමාය. එම දියමන්තිය කැළණිය පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉකුත් වසරේදී සොයා ගන්නේ අහඹු ලෙසිනි. ඒ වෙනත් වරදකට කැවුමා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු කළ ප්‍රශ්න කිරීමකදීය. අනතුරුව කැවුමා රැඳී සිටි මොරටුවේ නිවසක් විශේෂ කාර්ය බළකාය විසින් පරීක්ෂා කර එහි තිබී සොයා ගන්නේ කෝටි 100කට අධික වටිනාකමක් ඇති හොරොයින් තොගයකි. ඒ කැවුමා එම නිවසේ රැඳී සිටි බවට මහජනතාවගෙන් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදීය. එසේම කැවුමාගේ තොරතුරු මත කෝටි ගණනක මුදල් තොගයක්ද වළදමා තිබියදී කැලණියේ පොලිස් කණ්ඩායම විසින් සොයා ගත්තේය. එම මුදල් සම්බන්ධයෙන්ද මේ වන විට යම් මතභේදාත්මක තත්වයක් ඇතිවී ඇත්තේ සොයා ගත් සියලුම මුදල් පොලිස් පොත්වල සටහන් කළේද යන්න ගැනය. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ විමර්ශනයක් සිදුවෙමින් ඇත්තේ පොලිස් මූලස්ථානයට ඒ ගැන ලද යම් තොරතුරක් හේතුකොටගෙනය.
කැවුමාව එදා අත්අඩංගුවට ගන්නා විටත් ඔහු ගිනි අවි ජාවාරමේ නිරතව සිට ඇත. ඒ ගැන නිසි විමර්ශනයක් සිදු නොවීම ගැනද මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මේ දිනවල ඇත්තේ විවිධ කථාබහය. වළදමා තිබී සොයාගත් කෝටි ගණනක මුදල් හා ගිනි අවි සොයා විමර්ශන නොවීම ගැන එම කතාබහ අතර ඉහළින්ම කථාවට ලක්වන මාතෘකාව බවට පත්ව හමාරය. ඒ ගැනද මේ වන විට යම් අභ්‍යන්තර විමර්ශනයක් සිදුවෙමින් ඇත්තේ සැබෑව දැන ගන්නටය. ඒ අනුව ඉදිරියේදී බන්ධනාගරගතව සිටින කැවුමාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්වනු ඇත. එවිට කැවුමාගේ මුවින්ම බොහෝ තොරතුරු එළියට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වනු ඇත.

දේශබන්දුගේ කකුලෙන් අදින්නේ කව්ද?

මේ වන විට බස්නාහිර පළාත තුළ මත්කුඩු වැටලීම් ඉතා සාර්ථකව පොලීසිය කරගෙන යමින් තිබේ. ඒ අතර අපරාධකරුවන්ටද නිදහසේ ඉන්නට පොලීසියෙන් ඉඩක් නොමැති තරම්ය. බස්නාහිර පළාත තුළ සිදුවන මෙම පොලිස් මෙහෙයුම්වල ගෞරවය මුළුමනින්ම හිමිවිය යුත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටය. දිවා රෑ නොබලා ඔහු බස්නාහිර පළාත මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් සහ පාතාලයේ අපරාධකරුවන්ගෙන් තොර කලාපයක් බවට පත්කිරීමට දරණ වෙහෙස අපමණය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වෙනි හෝ 37 වෙනි පොලිස්පතිවරයා වීමට බොහෝ සේ ඉඩ ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් සේවයෙන් ඉදිරියේදී විශ්‍රාම යාමට බොහෝ විට ඉඩ ඇත්තේ මෙරට ඉතිහාසයේ වැඩිම කාලයක් පොලිස්පතිධුරය දැරූ නිලධාරියා ලෙසිනි.
මේ ගමනේදී ඔහුගේ කකුලින් අදින නිලධාරීන් ද නැතුවා නොවේ. බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් හේතුකොටගෙන මත්ලෝලීන් විසින් වරකට භාවිතා කරන රුපියල් 800ට පැවැති මත්කුඩු පැකට්ටුව රුපියල් 2500ත් 3000ත් අතර මිලකට ඉකුත් සතියට පෙර සතියේ ඉහළ ගියේය. 2002 වසරින් පසුව මත්කුඩු ලෝලීන් පිස්සු වැටුනේ එම සතිය තුළදීය. ඒ දැඩි මත්කුඩු හිගයකට ඒ අය ලක්වූ බැවිනි. ඒ තුළින් කියා පෑවේ සැබෑ ලෙසම පොලිස් මෙහෙයුම් සිදුවූ බව මෙන්ම සැබෑ ලෙසම මත්කුඩු හිඟයක් රට තුළ ඇතිවී තිබෙන බවකි. ඒ පැවැති තත්වය හමුවේ මත්කුඩු පැකට්ටුව රුපියල් 10,000කටවත් ඉහළ යනු ඇති බව පෙනී ගියේය. එම මත්කුඩු හිඟය හේතුවෙන් ජනතාව පොලීසියට ප්‍රශංසා පවා කළේ වැඩි කල් නොගොස් අපේ රටින් මත්කුඩු තුරන්කිරීමට හැකිවනු ඇතැයි සිතාය. එහෙත් සතියකට වඩා ඒ තත්වය නොතිබුණේය. ඉහළ ගිය මත්කුඩු පැකට්ටුව ඉකුත් සතියේදී පහළ බැස්සේ රුපියල් 500කටය. ඒ පැවැති 800 මිලට වඩා තවත් රුපියල් 300කින්ද මිල අඩුවෙමිනි.
මේ තත්වයට හේතුව වෙන කිසිවක් නොව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ කකුලෙන් ඇදීමකි. එසේ ඔහුගේ කකුලෙන් ඇද එම මෙහෙයුම්වල සාර්ථකත්වයෙන් ඔහුට ජනතා ප්‍රසාදය හිමි වීම වළක්වන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුය. ඒ මත්කුඩු ජාවාරමේ සහ පාතාලයේ නිරතව සිටින එක් පාර්ශවයක් පමණක් නීතියේ රැහැනට හසුකැරගෙන තවත් පාර්ශව කිහිපයකට නිදහසේ ඔවුන්ගේ ජාවාරම කරගෙන යාමට ඉඩදී ඇති බැවිනි. ජනමාධ්‍යවල දෛනිකව පළවන පාතාලයේ සාමාජිකයින් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් සම්බන්ධයෙන් අවධානයෙන් විමසා බැලීමක් කළහොත් ඒ බව මනාවට තහවුරු කර ගත හැකිය. එම පොලිස් මෙහෙයුම්වලට දෛනිකව කොටුවී ඇත්තේ පාතාල කණ්ඩායම් කිහිපයක් පමණි. එම පාතාල කණ්ඩායම් අතර දෙමටගොඩ චමින්දගේත්, කිඹුලා ඇල ගුණාගේත්,ගොනා කෝවිලේ රොහාගේත් කල්ලිවල නම් කියැවෙන්නේ නැත. කිඹුලා ඇල ගුණා සිටින්නේ ඉන්දියාවේය. දෙමටගොඩ චමින්ද සිටින්නේ මරණිය දණ්ඩනයට නියම වී බන්ධනාගාරගතවය. රොහා සිටින්නේ සැඟවීය. මේ තිදෙනාම මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම මෙහෙයවන බව ප්‍රසිද්ධ රහසකි. ඒ හැරුණු කොට ගොනාකෝවිලේ අංජුද ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් වාර්තා කිහිපයක්ම අවශ්‍ය තැන්වලට යොමුකර ඇත්තේ ඔවුන් මත්කුඩු ජාවාරම මෙහෙයවන ආකාරය ගැන පවා සියලු තොරතුරු ඇතුළත්වය. එහෙත් ඒ අය මර්දනය කෙරෙන පාටක් පෙනෙන්නට නැත. බුද්ධි අංශ තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව රුපියල් 2500ත් 3000ත් අතර ඉහළ ගිය මත්කුඩු පැකට්ටුව රුපියල් 500ට බසින්නේ මේ අය නිසාය.

දෙමටගොඩ චමින්දගේ පුතාගේ වාහන සෙල්ලම

දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන්ගේ පුතා ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී දෙමටගොඩ පොලිස් අත්අඩංගුවට පත්වූ බව ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑම් මත නිදහස් කළේ යැයි කියැවෙන්නේද මෙවන් තත්වයක් මතය. එම ඉහළ පොලිස් නිලධාරියාගේ උසස් වීම් ලැබීම සම්බන්ධයෙන් ඔහුගේ සමකාලීනයන් අධිකරණ ක්‍රියාමාර්ගද ගෙන ඇත්තේ එම උසස් වීම අභියෝගයට ලක්කරමිනි. මෙම නිලධාරියා දෙමටගොඩ පොලීසියේ ඉහළ නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් දෙමින් රුවන්ගේ පුතා නිදහස් කරන්නැයි කියා ඇතැයි කියැවෙන්නේ ඉහළ දේශපාලනඥයෙකුගේ නමක් භාවිතා කරමිනි. මෙම පොලිස් ලොක්කා අදාළ දේශපාලනඥයන් සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති බැවින් දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් රුවන්ගේ පුතාව ඉක්මනින්ම නිදහස් කර යවා ඇත්තේ දේශපාලන උදහසට තමන්ව ලක්වෙතැයි සිතාය. එහෙත් සැබෑ ලෙසම රුවන්ගේ පුතාව නිදහස් කරනු ලැබුවේ ඉහළ දේශපාලන උපදෙසින්දැයි ඇත්තේ ගැටලුවකි. ඒ එම සිදුවීමෙන් දින කිහිපයකට පසු පොලීසිය භාර රාජ්‍ය ඇමති චමල් රාජපක්ෂ මහතා විසින් පොලිස් ප්‍රධානීන් හමුවේ කළ ප්‍රකාශයක් හේතුවෙනි. “ දේශපාලනඥයන්ගේ නම් භාවිතා කරල කුඩුකාරයෙක්ගේ පුතෙක්ව නිදහස් කරල. මම හොයල බැලුවා. දේශපාලනඥයෝ කථාකරල නැහැ. මේ ගැන විමර්ශනයක් කරන්නම ඕනේ“ ඇමතිවරයා පොලිස් ප්‍රධානීන් හමුවේ සඳහන් කරනුයේ එවැන්නකි. දෙමටගොඩ රුවන්ගේ පුතා නිදහස් කිරීම ගැන ඇමතිවරයාගේ කන වැකෙන්නේ බුද්ධි අංශ මගිනි. ඒ වන විටත් බුද්ධි අංශ ඒ ගැන අවශ්‍ය බලධාරීන්ට වාර්තා කර තිබුණේ සියලු තොරතුරු සමගිනි. වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් මගින් ඒ ගැන විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ එබැවිනි.

පූජිත් ගිය මාර්තුවේ විශ්‍රාම ගිහින්

සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩ බලන පොලිස්පති ලෙස සේවයේ නිරතවන්නේ 2019 වසරේ මැයි මාසයේ සිටය. ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමත් සමගිනි. අපේ රටේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරු, නීතිපති, පොලිස්පති වැනි රටේ ඉහළ නිලයන් පත්කිරීමෙන් පසු ඒ අය ඉවත් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව හරහාය. ඒ විශ්වාසභංගයක් මගිනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී එකල සිටි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියව එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ එසේය. එම ආණ්ඩුව සමයේදීම 32 වැනි පොලිස්පතිවරයාව සිටි මහින්ද බාලසූරිය මහතා වයස අවුරුදු 60න් විශ්‍රාම ගන්නා තුරු නොසිට වසර දෙකකට පෙර පොලිස්පතිධුරයෙන් ඉවත්වන්නේ යෝජිත පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට එරෙහිව නිදහස් වෙළෙද කලාප සේවකයින් විසින් පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් පාලනය කිරීමේදී ඇගළුම් සේවකයකු පොලිස් වෙඩි පහරකින් මිය යාම හේතුවෙන් එහි වගකීම භාර ගනිමිනි. එදා ඔහු එසේ ඉල්ලා අස් නොවන්නට ඔහුවත් පොලිස්පතිධුරයෙන් ඉවත් කිරීමට සිදුවන්නේ ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත්කළ ආකාරයටය. පූජිත් ජයසුන්දරටද පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නද ඔහු වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නට සූදානම් වූයේ නැත. ඔහුව අනිවාර්ය නිවාඩු යවමින් වැඩ බලන්නට ඒ වන විට පොලිස් සේවයේ සිටි ජේ්‍යෂ්ඨතම නිලධාරියා වූ සී.ඩී. වික්‍රමරත්න මහතාව පත්කරනු ලබන්නේ පූජිත්ව තනතුරින් ඉවත්කර ස්ථිර පොලිස්පතිවරයෙක් පත්කිරීම පැවැති ව්‍යාකූල දේශපාලන වාතාරවණය හමුවේ එතරම් පහසු කටයුත්තක් නොවූ බැවිනි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පතිවරයා අවුරුදු 60න් අනිවාර්යෙන්ම විශ්‍රාම යායුතුය. සේවා දිගු ලබා දිය නොහැකිය. එබැවින් අලුත් පොලිස්පතිවරයෙක් පත්කරන්නට නම් පූජිත් ජයසුන්දර මහතා වයස අවුරුදු 60න් විශ්‍රාම යන තුරු බලා සිටිය යුතුය. එම දවස උදා වන්නේ පසුගිය මාර්තු 14 වෙනිදා මධ්‍ය රාත්‍රියේදීය. පූජිත් එදින විශ්‍රාම ගත්තේය. එතෙක් ඔහු භාවිතා කළ මෝටර් රථය මෙන්ම පොලිස් ආරක්ෂාවක්ද ඔහු ලබා ගත්තේය. පොලිස්පති නිල නිවසද ඔහු අතහැරියේය. විශ්‍රාම වැටුප පවා සකස්කර ගත්තේය. 34 වැනි පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතා එසේ ඉකුත් මාර්තු 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ විශ්‍රාම ගැනීමෙන් පසු අපේ රටේ පොලිස්පතිධුරය ඇත්තේ හිස්වය. එහෙත් වගකිව යුතු ඇමතිවරු මාධ්‍ය ඉදිරියේ පවසන්නේ නම් තවමත් පොලිස්පතිධුරයේ රැඳී සිටින්නේ පූජිත් ජයසුන්දර බවය. 19 වැනි ව්‍යවස්ථාවේ ඇති දොස් නිසා පූජිත්ව ඉවත්කර අලුත් පොලිස්පතිවරයෙක් පත්කර ගැනීමට නොහැකිව ඇතැයි මාධ්‍ය ඉදිරියේ පවසන්නේ නීතිය ගැන හොඳ අවබෝධයක් ඇති ඇමතිවරුන්මය. මෙසේ එම ඇමතිවරු හැසිරෙන්නේ පූජිත් ජයසුන්දර මහතා විශ්‍රාම ගිය බව නොදැනද, එසේත් නැති නම් යම් දේශපාලන අරමුණක් ඇතිවදැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

නකල්ස් කැලෑව මැදින් සුදු හාමුදුරුවෝ මතුවෙයි (2 කොටස)

Next Post

ප්‍රභූ හෙලිකොප්ටර් දෙකේ කොන්ත්‍රාත්තුව දුන් බලවතා කව්ද?

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.