ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් දෙදෙනාම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා වෙත දුරකතන ඇමතුම් ලබා දී ඇති බව දැනගන්නට ඇත.
ඉන්දීය අගමැති මෝඩිගේ උපන්දිනය නිමිත්තෙන් මෙසේ කතා කොට ඇතිි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෝඩිට උපන්දින සුබපැතුම් එක්කොට ඇති බවද දැනගන්නට තිබේ.
එමෙන්ම ලෝක වසංගතයක්ව පවතින කොරෝනා තත්ත්වය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙම සාකච්ජාවේදී අදහස් හුවමාරු වී ඇති බවද දැනගන්නට ඇත.










