• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලී ක්වාන් යූ-ගෝඨා සහ 20 (රටේ පැත්ත)

September 19, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ලී ක්වාන් යූ-ගෝඨා සහ 20 (රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

මීට සතියකට දෙකකට කලින් ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පොතක් එළිදැක්වීමට කටයුතු කළේය. ඒ පොතෙන් කමල් ගුණරත්න කියා තිබුණේ එවකට ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය යුද්ධය දිනන්න ගහපු ගේම් ප්ලෑන් එක පිළිබඳවය. එහිදී එක්තරා විශේෂ කාරණයක් පිළිබඳව කමල් ගුණරත්න සිය පොතෙන් කතා කර තිබේ. ඒ යුද්ධය පැවැති සමයේ හිටපු යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා සහ නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩ අතර පැවැති නයි වෛරය ගැනය. මේ නයි වෛරය කොච්චර දුරදිග ගිහින් තිබුණාද කියනවා නම් යුද පිටියේ එකට යුද්ධ කළත් ෆොන්සේකා සහ කරන්නාගොඩ මුහුණට මුහුණ නොබලන තත්ත්වයක සිටි බව කමල් සිය පොතේ සඳහන් කොට ඇත. මේ නිසා වරක් ගෝඨාභය මේ දෙදෙනා අතර සමගි සන්ධානයක් ඇතිකිරීම සඳහා විශාල උත්සාහයක් දැරූ බව කමල් කියයි. ඊට උඩුවේ ධම්මාලෝක හිමියන් මැදිහත්කරු වශයෙන් ගෝඨාභය විසින් යොදාගත් බව කියන කමල් උඩුවේ හිමියන් හරහා දෙදෙනා අතර මුහුණට මුහුණ හමුවක් සංවිධානය කිරීමට පියවර ගත් බව සඳහන් කොට ඇත. නමුත් සාකච්ඡාවක් යොදාගත්තද ෆොන්සේකා සහ කරන්නාගොඩ යන දෙදෙනාම එදින එම සාකච්ඡාවට නොපැමිණි බවද කමල් සිය පොතෙන් එළිදක්වා ඇත. මේ හේතූන් නිසාම ගෝඨාභය ෆොන්සේකා සහ කරන්නාගොඩ එකතු කරන වැඬේ අතහැර දැමූ බවත් කමල් කියයි.
මෙසේ ෆොන්සේකා සහ කරන්නාගොඩ එකතු කරන වැඬේ අතහැර දැමූ ගෝඨා ඉන් අනතුරුව කළේ දෙදෙනා යටතේ සිටි සියලුම නිලධාරීන් අතර සමගි සන්ධානයක් ගොඩනැඟීමය. යුද්ධය දිනන්න හමුදාව එකම අරමුණකට යොමුකරවා ගන්න ගෝඨා කටයුතු කළේ ඒ ආකාරයටය.
කමල් මේ කියන කතාව හරි විය යුතුය. මොකද මීට කලින් යුද්ධ කරපු සෑම අවස්ථාවකදීම ඒ යුද්ධය අසාර්ථක වීමට ප්‍රධානම හේතුව වුණේ හමුදාවේ ජෙනරාල්වරුන් අතර පැවැති යුද්ධය. එහෙමත් නැත්නම් ආරක්‍ෂක ලේකම්වරයා හා හමුදා ජෙනරාල්වරුන් අතර පැවැති යුද්ධය. කවුරු හරි ජෙනරාල්වරයෙක් නිර්භීතව යුද වදින්න තීරණය කළොත් තවත් ජෙනරාල්වරයෙක් ඒ යුද රහස් එළියට දමා ඒ යුදවදින ජෙනරාල්වරයාගේ කකුලෙන් ඇද්දේය. සම්පූර්ණ යුද මෙහෙයුම් අඩාල කළේය. එසේ යුද මෙහෙයුම අසාර්ථක වූ පසු යුද්ධයට ගිය හමුදාපතිවරයා හෝ එම මෙහෙයුම් සිදුකළ නිලධාරීන් ඉවත් කරවීමට අංචි ඇද්දේය. මාධ්‍ය උසිගන්වා ඔවුන්ට එරෙහිව ප්‍රහාර දියත් කළේය. හමුදාවන් ඇතුළේ ප්‍රශ්න ඇති කළේය. යුද්ධය දිනන්න බැරි වුණේ ඒ නිසාය.
කමල් යනු ප්‍රභාකරන් මරා දැමූ හමුදා සේනාංකයේ සිටි ප්‍රබල නිලධාරියෙකි. එම නිසා ප්‍රභාකරන් මැරූ මෙහෙයුමේ තිරය පිටුපස සිටි කමල්ට හොඳහැටි අත්දැකීම් තිබේ. හමුදා නිලධාරීන් එකතු කරගෙන ඊට දේශපාලන අධිකාරියද එකතු කරගෙන ගෝඨා යුද්ධය දිනන්න ගහපු ගේම් ප්ලෑන් එක කමල් පොතක් හරහා එළියට දැම්මේ ඒකය.
ගෝඨා තමන් ගැන කමල් ලියපු මේ පොත එළිදැක්වීමේ උත්සවයට ගියේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් අනතුරුවය. එහෙම ගිහින් කමල් ලියපු මේ පොත කියවද්දී ආර්ථික යුද්ධය ජයගන්න නම් එදා යුද්ධ කරන්න හමුදා නිලධාරීන් එකතු කරා වගේ සියලු දෙනා එකතු කොට ස්ථාවර ආණ්ඩුවක් හැදිය යුතු බව ගෝඨාට නොසිතුනා නම් පුදුමය.
ගෝඨා 20 පාර්ලිමේන්තුවට ගෙනාවේ ඒ නිසා විය යුතුය. මොකද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩු අස්ථාවර වන ආකාරය ගෝඨා හොඳහැටි දැක්කේය. 19න් රටේ ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදිමින් ගහමරාගන්නා ආකාරය ගෝඨා හොඳහැටි දැක්කේය. අන්තිමේදී රට අස්ථාවර වෙලා රටේ ආරක්‍ෂාව බින්දුවට වැටිලා මුස්ලිම් අන්තවාදීන් මේ රට ඔවුන්ගේ කෙළිබිමක් කරගත් ආකාරය ගෝඨා හොඳහැටි දැක්කේය. පාස්කු ප්‍රහාරය හරහා රටම ලේ විලක් වූ ආකාරය ගෝඨා හොඳහැටි දැක්කේය. තමන් ජනාධිපති පුටුවේ වාඩි වූ දිනෙක 19 අහෝසි කරලා 20 ගේන බවට ගෝඨා තීන්දු කරන්න ඇත්තේ ඒ නිසා විය යුතුය.

20 යනු මේ රටට අලුත් එකක් නොවේ. 20න් කරන්නේ ජේ. ආර්. මේ රටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය නැවැත ඇති කිරීමය. හැබැයි 19 තිබූ ඇතැම් වගන්ති පවා ගෝඨා මේ 20ට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ඉන් එකක් වන්නේ දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට ඉල්ලන්න නොහැකි වීමය. ඊළඟ එක වන්නේ 19න් ගෙනා ජනාධිපති ධුර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීමය.
ඇත්තටම ජේ. ආර්. විධායක ජනාධිපති ක්‍රමය 1978දී මේ රටට හඳුන්වා දුන්නද ජේ. ආර්. විධායක ක්‍රමය ගැන හිතුවේ 1966 සිටය. ජේ. ආර්. කිව්වේ ලංකාවට දේශපාලන නිදහස ලැබුණත් ආර්ථික නිදහස ලැබී නැතැයි කියාය. ඊට හේතුව වශයෙන් ජේ. ආර්. දැක්කේ රටේ ස්ථාවර ආණ්ඩුවක් නොතිබීමය. ස්ථාවර ආණ්ඩුවක් නොතිබීම නිසා නායකයන් දැඩි තීන්දු තීරණ ගැනීමට බිය විය. දැඩි තීන්දු තීරණ ගැනීමට නම් ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතු බව ජේ. ආර්.ගේ ස්ථාවරය විය. විධායක ජනාධිපති ධුරය ජේ. ආර්.ගේ ඔළුවට ආවේ එහෙමය.
ජේ. ආර්.ට මේ විධායක ජනාධිපති ධුරය ඔළුවට දැම්මේ සිංගප්පූරුව ගොඩදාපු ලී ක්වාන් යූ ය. වරක් ජේ. ආර්. ලී ක්වාන් යූ හමුවූ අවස්ථාවකදී ලී ක්වාන් යූ ජේ. ආර්.ට කියා තිබුණේ ලංකාවට තියෙන ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියාය. ප්‍රජාතන්ත්‍රවාදය හොඳ වුවත් ඒ හරහා ස්ථාවර ආණ්ඩුවක් බිහි නොවන බව ලී ක්වාන් යූ ජේ. ආර්.ට කියා සිටියේය. ඒ හරහා බිහි වන නායකයන් ඉදිරි ඡන්ද ගැන සිතන හෙයින් දැඩි තීන්දු තීරණ ගෙන ආර්ථිකය ගොඩනැඟීමට කටයුතු නොකරන බව ලී ක්වාන් යූ ජේ. ආර්.ට කියා සිටියේය. මොකද ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩදැමුවේ ප්‍රජාතන්ත්‍රවාදය මායිම් නොකොට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගෙන දැඩි තීන්දු තීරණ ගැනීම හරහාය.
ජේ. ආර්. ලී ක්වාන් යූ ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කොටස ඔළුවට ගත්තේ නැතත් ස්ථාවර ආණ්ඩුවක් කියන කොටස දැඩිව ඔළුවට ගත්තේය. මොකද ජේ. ආර්.ටත් ඕනෑ වුණේ ලී ක්වාන් යූ වගේ මේ රට ආර්ථික වශයෙන් ගොඩ දාන්නටය. ජේ.ආර්. ඒක කර පෙන්නුවේය. ගෝඨාටත් තියෙන්නේ ඒ වුවමනාවමය.
‘මේ රටේ සංවර්ධනයට තියෙන ලොකුම ප්‍රශ්නය කවුරුවත් හරියට වැඩක් කරන්නේ නැති එක. රාජ්‍ය අංශයෙයි පෞද්ගලික අංශයෙයි බොහෝ අය වැඩ කරන්නේ මන්දගාමීව. ඒක හරි කනගාටුවට කරුණක්…’
ගෝඨා ඊයේ පෙරේදා ජනාධිපති කාර්යාලයේ තිබ්බ සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේම කියා සිටියේ ඒ නිසාය. මොකද ගෝඨට ඕනෑ තමන් දුවන තරමේ වේගයෙන් දුවන්න පුළුවන් කණ්ඩායමක් හදාගන්නය. තමන් දුවද්දී හැල්මේ දුවන හෝ ඇවිදගෙන යන කණ්ඩයාමක් සමඟ රට හදන්න බැරි බව ගෝඨා දනී. 20න් කරන්නේ රට හදන්න ඒ තියෙන බාධාවල් ඉවත් කරන එකය.
අනෙක ගෝඨාභය යනු පක්‍ෂ නායකයෙක්වත්, කවුරුන් විසින් හෝ මෙහෙයවන කෙනෙක්වත් නොවේ. ඒ නිසා ගෝඨාභයට විස්සේ බලතල යොදාගෙන පක්‍ෂ පුම්බන්නවත්, එක එක්කෙනාට වුවමනා විදිහට වැඩ කරන්නටවත් අවශ්‍ය නැත. අනෙක ජේ. ආර්. විධායක ජනාධිපති ක්‍රමය විපක්‍ෂය මර්දනය කරන්න යොදා ගත්තත් ගෝඨාට එහෙම විපක්‍ෂය මර්දනය කරන්න 20 යොදා ගැනීමේ අවශ්‍යතාවකුත් නැත.
විපක්‍ෂයද මේ ගැන නොදන්නවා නොවේ. 20 උපයෝගී කරගෙන ගෝඨා රට හැදුවොත්, රටේ ආර්ථිකය ගොඩ දැම්මොත් ආයෙ කල්ප කාලාන්තරයකට ආණ්ඩු පිහිටුවීම බොරු බව විපක්‍ෂය හොඳහැටි දනී. 20 ගැන විපක්‍ෂය බොරු බිල්ලෙක් මවන්නේ ඒකය.
අනෙක විධායක ජනාධිපති ක්‍රමය ජේ. ආර්.ට හොඳ නම්, ප්‍රේමදාසට හොඳ නම්, චන්ද්‍රිකාට හොඳ නම් ගෝඨාභයට විතරක් නරක් වෙන්නේ කොහොමද කියන එකට විපක්‍ෂයට කටඋත්තර නැත.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

හතර දෙනාම සූරයෝ සහ සූරයන්ගෙත් සූරයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මහාවංශයේ ආලෝක පරිච්ඡේදය ලියා ලංකාව එළිය කළ විශිෂ්ටයා

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.