ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ලබන සදුදා (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන බවට මේ වනවිට සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
මීට පෙර තීන්දු වී තිබුණේ එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ලබන අගහරුවාදා දින (22) පෙරවරු 9.30ට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමටය.
නමුත් අද දින දැනුම් දී ඇත්තේ එම රැස්වීම ලබන සදුදා දින පෙරවරු 8.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමටය.
ඉකුත් වතාවේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මැතිඇමැතිවරුන් කිහිප දෙනකුම විරෝධය පළ කළ ආකාරයක් දැක ගත හැකිවිය.
ආන්දෝලනයට තුඩු දී ඇති 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන අගහරුවාදා දිනය.










