ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ හැකියාවක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් කර ඇත.
දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, තී‍්‍රකුණාමලය සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක, 60ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (18) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 100 ට වඩා වැඩි වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කොට ඇත.










