නිසි අයුරින් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම මුල් කරගෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මසකට රුපියල් මිලියන 120ක අලාභයක් විදින බව ඇස්තමේන්තුගත කොට ඇත.
මේ තත්ත්වය මත දෛනිකව ලක්ෂ 60ක පමණ මුදලක් අහිමි වන බවට ගණන් බලා තිබේ.
නිතරම කඩා පැනීම් සිදු කළත් එය ඊට විසදුමක් නොවන බවත්, එයින් සිදුවන්කේ තවත් සේවකයකු වැඩ තහනමට ලක්වීමක් පමණක් බවත් එම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කරයි.










