20 වන සංශෝධනය නිර්මාණය කළ පුද්ගලයා අද වනවිට අතුරුදන් වී ඇති බවත්, බුද්ධි අංශවලට හෝ එම පුද්ගලයා සොයා ගත නෙහැකි ළුී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
කොළඹ පැවැති ’20 පරදවමු’ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ජනතා ස්වෛරීත්වය පලුදු කරන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනය පරාජය කිරීමට ජනතාව පෙළගස්වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.










