මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළ පුද්ගලයකු සොයාගැනීමටට නොහැති තත්ත්වයක් මතුව ඇති බව පැවසේ.
මුලින් එය අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් සකස් කරන ලද බව පැවසුණද පසුව එය ප්‍රතික්ෂේප කරමින් අලි සබ්‍රි මහතා කියා සිටියේ තමන් එය සකස් නොකළ බවකි.
එමෙන්ම ජී.එල්. පීරිස් මහතා මේ වනවිට එම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අගමැතිවරයා විසින් පත් කළ කමිටුවේ සාමාජිකයකු වේ.
ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ බරපතළ සංවාදයක් මේ වනවිට මතුව ඇති බවක් දැනගන්නට ඇත.










