දැනට ගැසට් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත වතාවක් වෙනස් කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගතාව පළ කොට ඇත.
ඊයේ (12) දින ජනාධිපතිවරයා හා ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව කිහිපයක් අතර සාකච්ජාවක් පැවැත්වී ඇති අතර එහිදී මෙම එකගතාව පළව ඇති බව දැනගන්නට ඇත.
එහිදී අදාළ පාර්ශ්වයන් 20 වන සංශෝධනයේ ඇති අහිතකර වගන්ති සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව යම් යම් සංශෝධනයන් සිදු කිරීම සදහා ජනාධිපතිවරයාගේ එකගතාවද පළව ඇති බව දැනගන්නට ඇත.
පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුව ඇතුළේ විවිධ පාර්ශ්වයන් මෙම සංශෝධනයට එරෙහිව ප්‍රසිද්ධියේම සිය අදහස් පළ කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ.










