දැනට පවතින පළාත් සභා 9 අඩු කරන ලෙසට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව දැනගන්නට ඇත.
පසුගිය දිනෙක අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති පිරිසක් ඒ මහතාට පෙන්වා දී ඇත්තේ ඉකුත් රජ සමයේ මෙන් රුහුණු, පිහිටි, මායා යනුවෙන් පළාත් සභා 3ක් පමණක් ක්‍රියාත්මක කළහොත් මීට වඩා ප්‍රයෝජනයක් ඉන් ලබා ගත හැති බවකි.
එමෙන්ම විශාල මුදල් ඉතිරියක් ඒ හරහා සිදු කළ හැකි බවද එම පිරිස අගමැතිවරයාට පෙන්වා දී ඇත.
දැනට පවතින පළාත් සභා ක්‍රමය නිසා විශාල මුදල් නාස්තියක් මෙන්ම ජනතාවගේ අප්‍රසාදයද ඊට පළවී ඇති බැවින් මෙම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ සාකච්ජාවක් ආරම්භ කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










