20 වන ව්‍යවස්ථා සංශෝධනය ලබන 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
ඒ සම්බන්ධයෙන් යම් පාර්ශ්වයක් නීති ක්‍රියාමාර්ග ගන්නේ නම් ඉන් අනතුරුව සතියක කාලයක් ඒ සදහා ලබා දීමට නියමිතය.
දැනටමත් පාර්ශ්ව කිහිපයක් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශයට පත් කොට ඇත.










