ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News
ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේදි මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි දායකත්වය හා සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න සහ එහි සෙසු සාමාජිකයින් වන රොෂාන් මහානාම, අවන්ති කොළඹගේ, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි, ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.







ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-27










