රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල – 2026 , පසුගියදා උත්සවාකාරයෙන් එම විදුහලේදී පවත්වන ලදි. මෙවර මෙම ක්‍රීඩා තරගය පවත්වනු ලැබුවේ 13 වැනි වතාවට වන අතර , එය වාර්ෂිකව පවත්වනු ලබන සැමරුමකි. පාසැලේ ඉගෙනුම ලබන කුඩා දරු දැරියන් සහභාගීවූ, විවිධ ක්‍රීඩා තරග ගණනාවක් මෙම උළෙලේදී දක්නට හැකි විය. ශාන්ත අන්තෝනි පෙර පාසලේ විදුහල්පතිනිය වන දිල්හානී සරෝජා පෙරේරා සහ ප්‍රධාන ගුරුතුමිය වන ලුසිඩා සිල්වියා යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය සංවිධානය කර තිබිණි. ක්‍රීඩා උලෙළේ අවස්ථා කිහිපයක් සේයාරූ වලින් දැක්වෙයි. Sri Lanka Latest News







ප්‍රියන්ත හෙට්ට්ගේ.











