අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් දැන් එය රු 120ට බැස ඇති බවත් මේ වන විට මෙට්‍රික් ටොන් 3000ක් පමණක් මිලදී ගෙන ඇති බවත් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් 20ක් වුවත් ඉන් මෙට්‍රික් ටොන් 40000ක් හෙවත් 0.2%ක් පමණක් රජය මිල දී ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
රු. 120ට කුමන තැනකවත් මිලදී ගෙන නැති බවත් වී මිල දී ගැනීමේ ව්‍යාපෘතියට වැදගත් වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ආසදු ලේඛන ගත වීම නිසා ණයවත් නොලැබෙන බවත් මේ රජය සහල් ආයනයනය කර ගබඩා පුරවන්න කටයුතු කරන බවත් වී ගොවියා දෙවියා යැයි එදා හැදින්වුවත් අද වී ගොවියා කසිප්පුකාරයා ලෙස හංවඩු ගසමින් යන බවත් අද දෙවියා සහ රජවරුන් බවට පත්ව ඇත්තේ සහල් ආනයනකරුවන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාට අනුව මේ වන විට වානිජ බැංකුවල පුද්ගලික ණය හා අත්තිකාරම් 2024 අග වන විට පැවති රු. බි. 1815 දී 2026 මැයි වන විට බි. 2580 දක්වා 42.1% වර්ධනයක් ලබා ඇති බවත් පෞද්ගලික අංශය වෙත දුන් සමස්ත වානිජ බැංකු ණය අත්තිකාරම් 35.9%කින් වැඩි වී පුද්ගල ණය 42.1%කින් වැඩි වී ඇති බවත් උගස් ණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එදා බි. 660ක් වන එය අද වන විට බි. 1070ක් ලෙස 63.4%කින් ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගෘහස්ථ ආදායම් පහළ යමින් පවතිනවා
මේ වන විට සිදුව ඇත්තේ උගස් අත්තිකාරම් 63%කින් ඉහළ ගොස් ඇත්තේ දෛනික ජිවන වියදම් පියවා ගැනීමට අපහසු වීම නිසා බවත් මිනිසුන් සතු රත්රන් උගස් කරමින් යන බවත් ගෘහස්ථ ආදායම් පහළ යමින් ඇති බවත් මේ ණය ගෙවා ගන්න බැරි වුවහොත් මේවා අහිමි වී ගෘහස්ථ ණයගැති භාවය වැඩි වන බවත් මෙරට පවුල් මූල්‍ය දූෂ්කරතා රැසකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාවගේ ණය බර එන්න එන්න වැඩි වෙලා
අධ්‍යාපනය සඳහා ගත් ණය 57%කින් අඩුව ඇති බවත් මේ විශ්ලේෂණ තුළින් පෙනී යන්නේ මෙරට ජනතාවගේ ජන ජීවිත කඩා වැටෙමින් යාම බවත් අමාරුවෙන් උපයා ගත් දේපල රත්‍රං ආදිය උගස් කර ආයෝජනය නොව පාරිභෝජනය සඳහා යොදා ගන්නා බවත් මේ නිසා අද ණය බර වැඩි වන තත්ත්වයක් මතුවන බවත් දැන්වත් මේ අයට සහන දිය යුතු බවත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.
අධ්‍යාපනවේදී උපාධිධාරීන් 700ක් අද අනාථයි
අධ්‍යාපනවේදී උපාධිධාරීන් 700ක් සිටියත් තවමත් විසඳුම් නැති බවත් මීට පෙර සම්මුඛ පරීක්ෂණ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වුවත් දැන් විභාගයකට මුහුණ දෙන්න සිදුව ඇති බවත් අධ්‍යාපනය මූලික වූ මේ උපාධියට තරග විභාග අවශ්‍ය නැති බවත් වෙනත් පළාත්වල තරග විභාග නැතිව මොවුන් බදවා ගත්තත් පළාත් අනුව විෂමතා ඇති බවත් දැන් මේ 700 අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රජය හදන්නේ ඒක පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරන්න
පසුගිය දිනක පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය තීන්දු කරන කාරක සභාවේදී අරුම පුදුම දෙයක් වූ බවත් ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන කුළුණු වන ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය සේම නිදහස් මාධ්‍ය හා සිවිල් සමාජ ඇති බවත් මෙහි අධිකරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියත් එයට අවසර නැති බවත් රාජ්‍ය පාර්ශ්වයට අනුව අධිකරණය ගැන සභාවේ කතා කරන්න හැකියාවක් නොමැති බවත් මේ ආයතනය ශක්තිමත් කිරීම ගැන ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරිම ගැන කතා කරන්න අයිතියක් නොමැති බවත් යෝජනා ඉදිරිපත් කරන්න අයිතියක් නැති බවත් මොවුන් මේ රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කර ඒකපක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය අධිකරණය බලපෑම් එල්ල කරනවා.
මේ රජය උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට ගන්නා උත්සාහය තරයේ හෙළා දකින බවත් එය ස්වාධින අධිකරණයට එල්ල කරන මරු පහරක් බවත් මෙය යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට පවා බලපෑමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.










