ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිය මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
මෙරට වැඩිම අලෙවියක් සහිත ගල් අරක්කු මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් ද, බෝතල් භාගයක මිල රුපියල් 10කින් ද, පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 50කින් ද ඉහළ ගොස් ඇත.
මීට අමතරව විස්කි සහ බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අදාළ සමාගම් කටයුතු කර තිබෙන අතර, මෙවර බියර් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නැත.
මත්පැන් සඳහා පාලන මිලක් නොමැති වීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව මිල ගණන් සංශෝධනය කිරීමට සමාගම්වලට අවස්ථාව ලැබී ඇති බව මත්පැන් නිෂ්පාදකයෝ සඳහන් කරති.










