අපි අසනීප වුණාම ඉක්මනට ලේ පරීක්ෂාවක් (Full Blood Count – FBC) කරගන්න පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයකට යනවා නේද? හැබැයි මේ වගේ පරීක්ෂණ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පාලන මිලක් (නියමිත උපරිම ගාස්තුවක්) පනවා ඇති බව ඔබ දන්නවාද?Sri Lanka Latest News
FBC පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම මුදල රුපියල් 400/- කි. නමුත් පාරිභෝගිකයින්ගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගනිමින් ඊට වඩා වැඩි මුදලක් අය කිරීමේ සිදුවීමක් යාපනය, පලාලි පාරේ, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි “Venus Speciality Hospital (Pvt) Ltd” රෝහලෙන් වාර්තා වුණා.
2026.07.13 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී, රුපියල් 400/- ට කළ යුතු FBC පරීක්ෂාව සඳහා මෙම රෝහල මඟින් රුපියල් 550/- බැගින් අය කර ඇති බව අනාවරණය කරගනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය මඟින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ අතර, 2026.07.21 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ වරද පිළිගත් බැවින් විත්තිකාර රෝහලට රුපියල් ලක්ෂ 30 ක (මිලියන 3 ක) දැවැන්ත දඩයක් නියම කළ අධිකරණය, සිදුකළ වරද පිළිබඳව ඔවුන්ගේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල පළ කරන ලෙසට ද නියෝග කරනු ලැබුවා.
පාරිභෝගික ඔබට වැදගත් පණිවිඩයක්:
ඔබත් පෞද්ගලික රෝහලකින් හෝ රසායනාගාරයකින් සේවාවන් ලබාගන්නා විට නියමිත පාලන මිල ගණන් ගැන සැලකිලිමත් වන්න. සෑම විටම ඔබ ගෙවන මුදලට නිවැරදි බිල්පතක් (Receipt) ඉල්ලා සිටින්න. එය ඔබේ අයිතියක් වගේම, හදිසි අවස්ථාවකදී වැදගත් වන සාක්ෂියක්. පාලන මිලට වඩා වැඩිපුර මුදල් අය කරන්නේ නම් 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි කරන්න! ![]()










