පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක ගණනය කිරීමේ දී ව්‍යාකූල තත්ත්ව ගණනාවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහභාගී වී අදහස් දැක්වීම හා එක්වෙමිනි.
යෝජිත Tariff Rate ක්‍රමවේදය තුළ ප්‍රාග්ධන වියදම් ගණනය කිරීමේ දී මහා පරිමාණ හා කුඩා පරිමාණයේ ආයතනවලට වෙනස්කම් කිරීමක් දක්නට ලැබෙන බවත් මහා පරිමාණ ආයතන විශේෂිත වූ බදු සහන ලබන නිසා ඒ ගැන අවබෝධයෙන් යුතුව Tariff Rate නිර්මාණය කළ යුතු බවත් කුඩා, මධ්‍ය හා සුළු පරිමාණ සූර්ය බලශක්තිය නිපදවන අය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ සූර්ය බලශක්ති ව්‍යවසායකයන් සුරක්ෂිත කිරීමට අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බැටරි ගබඩා කිරීම දෙස බලන විට සූර්ය පැනලවල සිට සෙසු උපාංග දක්වා මහා පරිමාණයේ ආයතනවලට විශේෂ වාසිදායක තත්ත්වක් නිර්මාණය වන බවත් කුඩා පරිමාණ ආයතනවලට සූක්ෂම ආකාරයට අවාසි තත්ත්වයක් නිර්මාණය වන බවත් මහා පරිමාණ ආයතනවලට අයුතු ලෙස වාසියක් ලබා දෙන ආකාරයට Tariff Rate නිර්මාණය අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙහෙයුම් පිරිවැය දෙස බලන විට මහා පරිමාණ හා කුඩා මධ්‍ය පරිමාණ සූර්ය බලාගාර ආශ්‍රිතව ඇති වෙනස බැලිය යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන බැංකු ණය මත පදනම් වන විට මහා පරිමාණ ආයතන හරිත අරමුදල්වලට ප්‍රවේශයක් ඇති බවත් මෙහි දී මහා පරිමාණ ආයතනවලට විශාල වාසියක් ලැබෙන නිසා Tariff Rate ගණනයේදී වැරදි දත්ත මත ඉදිරියට නොයා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
විනිමය අනුපාත ස්ථිර කිරීම තුළ මහා පරිමාණ ආයතනවලට විවිධ ක්‍රම උපයෝගී කර ගෙන වාසිදායක ක්‍රමවේද අනුගමනය කරන නිසා මේ අවස්ථාව කුඩා හා මධ්‍ය පරිමාණ සූර්ය බල ආයතනවලට නොමැති බවත් තාක්ෂණ ක්‍රමවේද ගණනාවක් ඇති බවත් අතිරික්ත බලශක්ති ගැටලුව ගැන අවධානය යොමු කළ යුතු බවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 16කින් 15ක්ම ස්ථාපිත කර ඇත්තේ අතිරික්ත බලශක්ති උත්පාදනය නොවන පැතිවල බවත් අධික ඉල්ලුම ඇති ප්‍රදේශවල මේවා ස්ථාපිත නොකළේ ඇයිද කියා සොයා බැලිය යුතු බවත් මේ සදහා ප්‍රජා බැටරි පද්ධති සහ අතත්‍ය විදුලි බලාගාර සංකල්පය කෙරෙහි අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම බෙදා හැරීමේ උප පොළ මට්ටමින් මෙම බැටරි පද්ධති ස්ථාපිත කිරීම සේම මෙම පද්ධති අතත්‍ය විදුලි බලාගාර ලෙස එකතු කර ජාතික පද්ධතියට බාධාවක් නොවී ජාතික පද්ධතියට විදුලිය එකතු කළ හැකි බවත් රු. බි. 300-400ක් ජනතාවට ලබා දීම නිසා දළ දේශීය නිෂ්පාදනයට පවා ධනාත්මක එකතුවක් ඇති කර ගත හැකි බවත් කුඩා හා මධ්‍ය පරිමාණ විදුලි බලාගාර ව්‍යවසායකයා වෙනුවෙන් වැඩි බරක් යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
මේ වන විට තාක්ෂණික කළමනාකරණ ප්‍රතිපත්තිමය ගැටලු රැසක් ඇති බවත් ජාතික පද්ධතියේ ස්ථායිතාව බිඳ වැටී ඇති නිසා මේ ස්ථායිථාව ආරක්ෂා කර ගත යුතු බවත් උපරිම ඉල්ලුම පවතින අවස්ථාවේ පද්ධතිය සමබර ලෙස පවත්වා ගැනීම වැදගත් බවත් බැටරි පද්ධති ස්ථාපිත කිරීමේ දී ජාතික පද්ධතියට එකතු කරන මෙගවොට් ප්‍රමාණයට සරිලන බැටරි පද්ධති ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ බරපතල බිද වැටීමක් සිදුව ඇති බවත් සෘජු රැකියා ලක්ෂයක් අහිමි වී ඇති බවත් 1150ක් වූ ආයතන 560 දක්වා අඩු වී හාරලක්ෂයකට පමණ වක්‍ර අගතිගාමි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මේ ක්ෂේත්‍රයේ රැකියා කළ බහුතරයකට ජීවත් විය නොහැකි වී ඇති බවත් අස්ථාවර මිල පැමිණිම හා ගාස්තු ක්‍රමවේද නිසා අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
සුනිත්‍ය බලශක්ති ප්‍රවර්ධනය කිරීමට මහා පරිමාණ වැඩසටහන් දියත් කර විශාල ප්‍රවර්ධනයක් කළත් අවසානයේ මෙය ප්‍රවර්ධනය කරනවා වෙනුවට මේ සදහා විවිධ බලපෑම් සිදු කිරීම නිසා අවසානයේ ඉන්ධන හා තාප බලාගාර මාෆියාව ජය ගන්නා බවත් මෙය ජාතික අනන්‍යතාවට පවා බලපෑමක් බවත් කුමන දේශපාලන ප්‍රතිපත්තියක සිටියත් පොදු මතයක සිටිය යුතු බවත් සුනිත්‍ය බලශක්තිය වෙනුවෙන් ආයෝජකයන්ට හිතකර පරිසරයක් රටේ නිර්මාණය කළ යුතු බවත් කුමන මාෆියාවක් ආවත් ඒවා ප්‍රතික්ෂේප කර පුනර්ජනනීය බලශක්තිය සුරක්ෂිත කරන ඉලක්ක කරා යා යුතු බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.











