• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

July 19, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කටුවැල්ලෙගම…..
මේ නම කීප වතාවක්ම පහුගිය ටික දොහේ ඇහුණා. හැබැයි ඒ ඇහුණෙ ආගම දහමට අදාළව නෙවෙයි. පල්ලි, පන්සල්, කෝවිල් ගැන කියන්නත් නෙමේ. දන්සල් ගැන පින්කම් ගැන මතක් කරන්නත් නෙමේ. Sri Lanka Latest News

එහෙනං…
කටුවැල්ලෙගම නම ඉස්සරහට අරගෙන ආවෙ දෙන්නෙක්. එක්කෙනෙක් සෙව්වන්දි. අනිත් එක්කෙනා සුරේෂ්. මේ දෙන්නගෙ හොඳ නරක ගැන අපි දන්නෙ නෑ. ඒ ඒ අය ඒ සම්බන්ධව පරීක්ෂණ කරලා විසඳගන්න ඕනේ. අපි අපරාධ ගැන හරියට කියන්න දන්නෙත් නෑ. අපරාධ කියන්න කලබල වෙන්නෙත් නෑ. ඕවා අපිට වැඩකුත් නෑ. ඒත් අපිට මේ කවුද කියලා විතරක් කියන්න ඒ අය ගැන කියවෙන දේවල් කියන්නම්. මේවා විවිධ මාධ්‍යවලින් විවිධ අවස්ථාවල විවිධ කාරණා නිසා වාර්තා කරපු, ඇතැම් ආරක්ෂක අංශවලින් අපි කියපු තහවුරු කළ හෝ තහවුරු නොකළ කාරණා.

සෙව්වන්දි කියන්නෙ ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද තරුණිය. ඇය ඇගේ සහෝදරයා සහ ඇගේ මව කියන මේ සියල්ලෝම අදාළ කාරණාවට හෝ වෙනත් වැරදිවලට සැකපිට අත්අඩංගුවට ගත්තා. ඒ අය විවිධ දේවල්වලට සම්බන්ධ බව ඇතැම් තැන්වල වාර්තා වෙලා තියෙන බව අපි දැක්කා.

‘ඉෂාරා සෙව්වන්දි (වීරසිංහ පිනිපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි) යනු මෙරට පාතාල ඉතිහාසයේ දැඩි කතාබහට ලක්වූ, සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රධාන සැකකාරියකි. ඇය සම්බන්ධයෙන් වාර්තා වන ප්‍රධාන තොරතුරු සහ නවතම තත්ත්වය පහත පරිදි වේ.

චෝදනා සහ අපරාධ පසුබිම
ප්‍රබල පාතාල කල්ලි නායකයකු වූ ‘ගණේමුල්ලේ සංජීව’ කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන මහමොළකාරිය සහ ආධාර අනුබල දුන් තැනැත්තිය ලෙස ඇයව හඳුනාගෙන ඇත. ඝාතනය සිදුකළ වෙඩික්කරුට නීති පොතක් ඇතුළේ සඟවා ගිනිඅවිය අධිකරණ ශාලාව තුළට රැගෙන යාමට උදව් කර ඇත්තේ ඇය විසින් නීතිඥවරියක ලෙස වෙස්වළාගෙන බවට විමර්ශනවලදී හෙළි විය.’
මේ උපුටා ගත්තේ කෘත්‍රිම බුද්ධිය විසින් ඈ ගැන කියන කතාව. අපි කියන එකක් නෙමේ. අවසන් නිගමනය ඔන්න ඕක.

ඊළඟට කටුවැල්ලෙගම ගැන කියන්නෙ ‘කටුවැල්ලෙගම සුරේෂ්’ කියන නමත් එක්ක. කවුද මේ කටුවැල්ලෙගම සුරේෂ්? ඒකත් අපි අර විදියටම අහලා බලමු.
‘කටුවැල්ලේගම සුරේෂ් (සුරේෂ් පුෂ්පකුමාර) යනු මෙරට සංවිධානාත්මක පාතාල අපරාධවලට සම්බන්ධ සහ මෑතකදී සිදුවූ මීගමුව බන්ධනාගාර ලේවැකි ගැටුමේ ප්‍රධාන මහමොළකරු ලෙස හඳුනාගෙන සිටින දරුණු ගණයේ අපරාධකරුවෙකි.

ඔහු පිළිබඳ වාර්තා වන ප්‍රධාන තොරතුරු මෙසේය:
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි මොහු, තමන්ට ව්‍යායාම් සඳහා ලබාදෙන කාලය මදි බව පවසමින් බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කර තිබේ. පසුව වාට්ටුවෙන් පිටතට පැන වෙනත් රැඳවියන් පිරිසකට පහර දීමත් සමග බන්ධනාගාරය තුළ මහා පරිමාණ කැරැල්ලක් සහ ගැටුමක් නිර්මාණය විය.
මෙම බිහිසුණු ගැටුම හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික බළකායේ නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 27 දෙනකු මියගොස් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකු ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවා ඇත්තේ සුරේෂ් ඇතුළු කල්ලියක් විසිනි. මොහුට එරෙහිව තියුණු ආයුධවලින් පහරදීම්, සන්නද්ධ මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නඩු රැසක් පවතී.

2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක චෛත්‍යයකට හානි කර, එහි වැඩසිටි භික්ෂුන් වහන්සේ නමකට සහ සහායකයකුට සාහසික ලෙස පහර දී බැඳ තැබීමේ චෝදනාවක් ද මොහුට එරෙහිව ඇත.’

මේ දෙන්නම ඉපදිලා තියෙන්නෙ කටුවැල්ලෙගම. කටුවැල්ලෙගම ගැන අපිට අහන්න ලැබෙන්නෙ ඒත් එක්ක.
කොහෙද ඔය කියන කටුවැල්ලෙගම තියෙන්නෙ?

කටුවැල්ලෙගම කියන්නෙ මීගමුවට ඉතාම ආසන්න ගමක්. මීගමුවෙ ඉඳලා එනවා නම් අලුතැපොල පාරෙ කිලෝමීටර දහයටත් වඩා අඩු දුරක් යනකොට මේ ගම මුණගැහෙනවා. අධිවේගී මාර්ගයෙන් ඇවිල්ලා, කටුනායක පිටවීම් දොරටුව හරහා පිටවෙන ඔබට පහසුවෙන්ම වයඹ පළාතට යන්න මාර්ගය සකස් වෙලා තියෙන්නෙ කටුවැල්ලෙගම හරහා. මීගමුව මීරිගම පාරෙ යන අයටත් ඔය කටුවැල්ලෙගමට පිවිසෙන්න පුළුවන් අවශ්‍ය නම්.
කටුවැල්ලෙගමට ගියාම අපිට දකින්න ලැබෙන්නෙ අතිශය සාමකාමී විදියට. කිසිම කලබලයක් නැති සාමාන්‍ය මිනිස්සු. ඈතින් ඈතට දුවන වෙල් යායක් කටුවැල්ලෙගම තියෙනවා. කටුවැල්ලෙගම ගමේ ගොවියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. එයාලා වෙනට්බ් වෘත්තීන්වල නියැළෙමින් තමන්ගෙ ජීවිතය ගතකරනවා.

කටුවැල්ලෙගම ගමේ නම හැදුණෙ කොහොමද කියලත් අපි නිකමට හොයලා බැලුවා.
කටුවැල්ලෙගම කියන ගම්මානයට පුරාණයේ ආවාය කියන්නෙ පිටස්තර ගමක උන්න උදවියක්. ඕන්න ඔය කට්ටිය එන වෙලාවෙ අද මේ කටුවැල්ලෙගම කියන ගම තියෙන ඉසව්වෙ තිබ්බ බව කියන්නෙ කටුවැල්ගාලක්. ඔය කටුවැල් ගාල නිසාම කටුවැල් ගම පසුව කටුවැල්ලේගම වුණාය කියලා කියනවා.
හොයලා බලද්දි දෑක්කා කටුවැල්ලෙගම පන්සල් දෙකක් තියෙනවා. එකක් ධම්ම යුත්තිකාරාමය. අනික ශ්වේත බිම්බාරාමය. මේ විහාරස්ථාන දෙකම මෑතකාලීනව ඉදිවෙන්න ඇති කියලා හිතුණේ ඒ නම් දෙක නිසා.

කොහොම වුණත් කටුවැල්ලෙගමට ආසන්න දාගොන්න කියන ගම්මානයේ නම් විශේෂ ඇදහිල්ලක් තියෙනව. ඒකට කියන්නෙ ගෝඨයිම්බර දෙවියන් ඇදහීම කියලා. ගෝඨයිම්බර යෝධයගෙ බිරින්දෑගෙ ගම දාගොන්න කියලයි කියන්නෙ. ඒ නිසාම ගෝඨයිම්බර යෝධයා වෙනුවෙන් ඉදිවෙලා තියෙන ප්‍රකට දේවාල දෙකෙන් එකක් තියෙන්නෙ මේ අහල පහළ.

ලංකාවෙ කොහේවත් දකින්න නොලැබෙන අහුං පූජාව කියන සුවිශේෂ පූජාව තියෙන්නෙ මේ ඉසව්වෙ. ඒ සඳහා ශිල්පීන් තෝරගන්නෙ මේ ගම්මානවලින්.
කටුවැල්ලෙගම පොඩි ගමක්. කටුනායක අලුතැපොල පාරට, මීගමුව අලුතැපොල පාරට වගේම තවත් පැත්තකින් මීගමුව මීරිගම පාරට ප්‍රධාන පිවිසුම් සහිත ගමක්. සාමකාමී මිනිස්සු ඉන්න ලස්සන ගමක්. සරුසාර ගමක්. කවුරුවත් කාටවත් හිරිහැරයක් නැති ගම්මානයක්. එහෙම ගමකට මෙහෙම එකක් වෙන්න හේතුව අපි දන්නෙ නෑ.

ගම්මාන ටිකෙන් ටික වෙනස් වෙනකොට මෙහෙම දේවල් වෙනවා. ඒවා වෙනස් කරන ගම්මානවල ඉන්න අයට පුළුවන්. ඒත් අද හුඟක් ගම්මානවල තත්ත්වය ඔය විදිය තමයි. ගමට කුඩු ඇවිල්ලා. ඒ අස්සෙ අයිස්. කොල්ලො හොරකමට හුරුවෙලා. එකමුතුකම නැති වෙලා. සමගිය අතුරුදන් වෙලා. වැඩකට පලකට කොල්ලෙක් නෑ. ඒක කටුවැල්ලෙගමටත් වෙන එක නවත්තගන්න බැරි වෙලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

Next Post

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.