පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි “කාර්ගීල්ස් ෆුඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්” (Cargills Food Company Pvt Ltd) ආයතනයට අයත් “කාර්ගීල්ස් එක්ස්ප්‍රස්” (Cargills Express) ශාඛාවට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා. Sri Lanka Latest News
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සුපිරි වෙළඳසැල තුළ,
කල් ඉකුත් වූ බිස්කට් වර්ග විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම,
කල් ඉකුත් වූ චොකලට් වර්ග විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම,
කල් ඉකුත් වූ කජු මද පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කර තිබීම,
යන චෝදනා අනාවරණය වී තිබුණා.
නඩුව කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ චෝදනාවලට වරදකරු වූ කාර්ගීල්ස් ෆුඩ් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට රුපියල් 200,000 ක (ලක්ෂ දෙකක) දඩ මුදලක් නියම කරනු ලැබුවා.










