• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සොල්හයිම් ප්‍රභාකරන්ගේ රහස් හෙළිකිරීම අරඹයි

September 8, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
සොල්හයිම් ප්‍රභාකරන්ගේ රහස් හෙළිකිරීම අරඹයි
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී අපි කිසිවිටෙකවත් නිදිවර්ජිත නරඹන්නකු වශයෙන් සිටියේ නැහැ. 2009 වසරේදී අපි නිරන්තරයෙන්ම එකල රජයත්, එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයත් සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටියා. යුද්ධය වේලාවේදී මහා විනාශකාරී සමූල ඝාතනයන් වළක්වා ගැනීමටයි අපි එහෙම කටයුතු කළේ. එල්.ටී.ටී.ඊ. සොල්දාදුවන් මෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාවත් ඉවත්කර ගැනීමට ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ සහාය ලබා දෙන්නම් කියලා අපි කොටි නායක ප්‍රභාකරන්ට කිව්වා. එහෙත් එයින් වැඩක් වුණේ නැහැ. ප්‍රභාකරන් එම ඉල්ලීම සම්පූර්ණයෙන්ම ඉවත දැමුවා.
වසර කිහිපයකට පෙරදී එල්.ටී.ටී.ඊ.න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් විසින් යුද්ධය ගැන අනාවැකි කිහිපයක්ම ප්‍රකාශ කර තිබුණා. ඔහු කියා තිබුණේ කොටි සංවිධානයේ හමුදා ක්‍රමෝපාය දිනෙන් දින දුර්වල වන හෙයින් මුලින් නැඟෙනහිර ප්‍රදේශයත්, පසුව උතුරු ප්‍රදේශයත් කොටි සංවිධානයට අහිමිවී යන බවයි. අවසානයේදී එය එසේම සිදුවුණා.
වසර 30ක කොටි ශාපය අවසාන වෙලා දැන් වසර 10ක්ම ගෙවිලා ගිහින්. අද අපිට කොටි කතාන්දර නිරන්තරයෙන් ඇසෙන්නේ නැහැ. එහෙත් මේ කතාව අපට ඇසුණේ මෙයට දින කිහිපයකට ඉහතදීයි. මෙම වගතුග කියා සිටින්නේ එක්තරා සුවිශේෂී, ප්‍රකට පුද්ගලයෙක්. යුද්ධය සමයේ දශකයකටත් අධික කාලයක් ඔහු මහත් බලවතකුද වෙලා සිටියා. ශ්‍රී ලංකා රජය පැත්තටත්, කොටි සංවිධානය පැත්තටත්, තම දෙපය තබාගෙන සිටි මෙම අපූරු මිනිසා ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැත. ඔහු වෙනත් කවරකුත් නොව නමින් එරික් සොල්හයිම්ය. නෝර්වේ ජාතිකයකු වන එරික් සොල්හයිම් එකල ශ්‍රී ලාංකික වාර්ගික අරගලයේ ප්‍රධාන සාම මැදිහත්කරු ලෙස ප්‍රධාන භූමිකාවක් සිදුකළා. මෙයට දින කිහිපයකට ඉහතදී ඔහු අන්තර්ජාලයේ ‘ට්විටර්’ පණිවුඩ කිහිපයක් හරහා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදුකළා.
‘ඇන්ටන් බාලසිංහම් මාත් සමඟ ප්‍රකාශ කරලා තියෙනවා, ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළේත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කියලා. විවිධ කරුණු ගැන මම ඇන්ටන් බාලසිංහම් සමඟ පැය සිය ගණනක් කතා කරලා තිබනෙවා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන වෙනත් කෙනකුට වඩා මට හොඳ අන්තර් දෘෂ්ටියක් සහ අන්තර් ඥානයක් තිබෙනවා. 1998 සිට 2009 දක්වාම ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සඳහා නෝර්වේ රාජ්‍ය මැදිහත්ව කටයුතු කළා. දයාන් ජයතිලක සහ මාර්ක් සොල්ටර් යන මැදිහත්කරුවන් අතරේ දෙරට අතර සාකච්ඡාවක් පැවැත්වූවා. යුද්ධයේදී උගත් පාඩම් ගැන මාර්ක් සොල්ටර් විසින් පොතක් පවා ලිව්වා. ශ්‍රී ලංකාවේ දමිළ ජනයාගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සහ ස්වයං පාලනයක් ස්ථාපිත කිරීම සඳහා තවත් බොහෝ දිගු ගමනක් යන්නට තිබෙනවා. ඒ සඳහා යුද්ධය හෝ ප්‍රචණ්ඩත්වය හෝ නැතිව සිදුකළ යුතු ක්‍රියාවලියක් තිබෙනවා. මේ සඳහා දමිළ ජනතාවගේ සමගිය සහ එකමුතුව අත්‍යාවශ්‍ය යැයිද මම තරයේ විශ්වාස කරනවා. එසේම ඉන්දියාවේ ගාන්ධිතුමා සිදුකළා සේ, ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී වැඩපිළිවෙළක් මේ සඳහා දමිළ ජනතාව විසින් දියත් කළ යුතුයි. එසේම සිදුකරන නීත්‍යනුකූල දමිළ ඉල්ලීම් බොහෝ ශක්තිමත්, දීර්ඝකාලීන ඒවාද විය යුතුයි.’
වසර ගණනාවක දිගු නිහැඬියාවකින් පසුව එරික් සොල්හයිම් නමැති මෙම මිනිසා ප්‍රකාශ කරන මේ වගතුග කුමක්ද? 2009 වසරේදී ශ්‍රී ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධය නිමවීමෙන් පසුව වසර 7ක් යන තෙක්ම එරික් සොල්හයිම්ගෙන් කිසිදු තොරතුරක් අසන්නට නොලැබිණි. ශ්‍රී ලංකා යුද්ධයේ හිටපු ප්‍රධාන සාම මැදිහත්කරුවා ලෙස ඔහු එලෙස මුනිවත රකිද්දී, මෙයට වසර 3කට පෙර එනම් 2018 වසරේ අගදී ඔහු ලොව ප්‍රකට, ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන පද්මා රාවො සුන්දර්ජි සමඟ ඉතා දිගු සුවිශේෂී මාධ්‍ය සාකච්ඡාවක නිරත විය. යුද්ධයට අදාළව බොහෝ හෙළි නොකළ තොරතුරු රැසක්ම ඔහු එම අවස්ථාවේදී ප්‍රකාශ කළ අතර, එම ආන්දෝලනාත්මක දීර්ඝ මාධ්‍ය සාකච්ඡාව අප විසින් සිංහලයට පරිවර්තනය කර පළකරන ලදී. මෙවර නැවැත වරක් එරික් සොල්හයිම් තම අදහස් ප්‍රකාශ කර සිටින්නේ ඉකුත් වසර 3කට පසුවය. එනම් පසුගිය අගෝස්තු මස අවසාන සතියේදීය.
එරික් සොල්හයිම් යනු නෝර්වේ රාජ්‍යයේ හිටපු අතිශය ප්‍රබල දේශපාලකයකු වන අතර, ඔහු එරට රජයේ ප්‍රධාන කැබිනට් ඇමැති ධුර දෙකක්ද දැරූ පුද්ගලයෙකි. ඔහු වසර 11ක කාලයක් පුරා ශ්‍රී ලාංකික වාර්ගික යුද්ධයේ ප්‍රධාන සාම මැදිහත්කරුවා ලෙස බොහෝ වගකිව යුතු කාර්යභාරයක් ඉටු කළේය. එහෙත් එකල රාජ්‍ය පාර්ශ්වික කණ්ඩායම් විසින් ඔහු ඉතා දැඩි ලෙස දෝෂාරෝපණයට පත්කළේ, එරික් සොල්හයිම් යනු දැඩි කොටි හිතවාදී පුද්ගලයකු ලෙසය. එසේම කොටි නායක ප්‍රභාකරන්ගේ හිතෛෂී සමීපමතමයකු ලෙසටද ඔහුට එරෙහිව දොස් පැවැරිණි. කෙසේ හෝ දීර්ඝ කාලයකට පසුව මෙසේ හඬනඟන සොල්හයිම් සමඟ මේ වන විට අන්තර්ජාලයේ ‘ට්විටර්’ සමාජ මාධ්‍ය අඩවිය හරහා තවත් විවිධ පුද්ගලයන් රාශියක්ද ප්‍රබල සංවාදයක නිරතව සිටිති. එම පිරිසට සිංහල, දමිළ සහ මුස්ලිම් මෙන්ම, වෙනත් අන්‍ය බටහිර ජාතිකයෝද අයත් වෙති.
මෙහිදී රතිශ් කුමාරන් නමැති එක්තරා දමිළ ජාතිකයකු මෙවැනි ට්විටර් පණිවුඩයක් තබා ඇත. ඔහු එරික් සොල්හයිම්ගෙන් මෙසේ ප්‍රශ්න කර සිටියි.
ප්‍රශ්නය –
ඔබ වාර්ගික යුද්ධය ගැන ලියැවුණු පොත්පත් ගැන කරුණු ප්‍රකාශ කර තිබෙනවා.
බි්‍රතාන්‍ය මාධ්‍යවේදියකු විසින්, ශ්‍රී ලාංකික වාර්ගික යුද්ධය තේමාකරගෙන ලියූ ප්‍රකට ග්‍රන්ථයක් වන ‘ස්ටිල් කවුන්ටින් ද ඩෙඞ්’ ‘මියගිය අය තවම ගණන් කරනවා’ නමැති ග්‍රන්ථය එංගලන්තයේදී ප්‍රකාශයට පත්කළා. එහිදී ඔබ දමිළ කොටි නායකත්වයට දෝෂාරෝපණයකර තිබෙනවා. 2009 මාර්තු 18දා සිදු කෙරුණු මහා සංහාරයට කොටි නායකත්වය වගකිව යුතුයි කියලා. එදා විතරක් නෙවෙයි ඔබ අදටත් ඒ දෝෂාරෝපණය සිදුකරනවා. මෙම තත්ත්වයේදී ඇත්තටම ඔබත් වගකිවයුතුයි නේද? ප්‍රධාන සාම මැදිහත්කරුවා ලෙස ඔබ තැරැව්කාර (බ්‍රෝකර්) ක්‍රියාවලිය වගකීමකින් යුතුව සිදුකරලා නැහැ නේද? ඒ නිසා ඔබත් එම තත්ත්වයට වගකිව යුතුයි.
එම ආන්දෝලනාත්මක පැනයට එරික් සොල්හයිම් පසුගියදා උත්තරදී ඇත්තේ මෙසේය.
පිළිතුර –
‘ඔව්, ඒ තත්ත්වයට මම දෝෂාරෝපණය කරන්නේ කොටි නායක ප්‍රභාකරන්ටයි. තවමත් මම ඒ චෝදනාව සිදුකරනවා. එම යුද්ධය සිදුවන අවස්ථාවේදී දමිළ වැසියන් එම ප්‍රදේශවලින් ඉවත්කර ගැනීමට අපි ගන්න හැදූ උත්සාහයට ප්‍රභාකරන් කිසිම සහායක් දැක්වූයේ නැහැ. ඔහු අප සමඟ කිසිදු සාකච්ඡා කිරීමකටවත් එකඟ වූයේ නැහැ. ඒ නිසා නිසි වේලාවට දමිළ වැසියන් එම ප්‍රදේශවලින් ඉවත්කර ගැනීමට නොහැකි වුණා. ඉන්පසුව තමයි බොහෝ අසාධාරණ විදියට ශ්‍රී ලංකා හමුදාව දමිළ වැසියන් සිටින ප්‍රදේශවලට ගුවනින් බෝම්බ හෙලුවේ. එයින් දමිළ වැසියන් විශාල පිරිසක් මරණයට පත්වුණා. සාම මැදිහත්කරුවන් ලෙසට අපට බලයක් තිබෙනවා, යුද්ධයට මැදිහත්වී සිටින පාර්ශ්වවලට බලපෑම් කිරීමට සහ යහපත් තීරණ ගැනීම සඳහා පෙලඹවීමට. අප ඒ සඳහා උත්සාහ කළත් එය සිදුවුණේ නැහැ. මෙය ඇත්තටම ඉතාමත්ම කනගාටුදායක අවාසනාවන්ත තත්ත්වයක්.
ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළේ කොටි සංවිධානය විසින් යැයි තමන්ට එකල ඇන්ටන් බාලසිංහම් පැවැසූ බැව් එරික් සොල්හයිම් පසුගියදා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දමිළ වැසියන් කිහිප දෙනකුම ට්විටර් අඩවියෙහි වැදගත් සටහන් තබා ඇත. එහිදී කනගලිංගම් ගෝපාලන් නමැති දමිළ ජාතිකයකු තම අදහස් මෙසේ ප්‍රකාශ කර ඇත.
‘ඇන්ටන් බාලසිංහ ඔබට කියූ එම රහස් ඔබ අපට කියන්නට වසර 10ක් ගියාද? එසේ රජීව් ඝාතනය කරන්න හේතුව කුමක්ද කියා ඇන්ටන් ඔබට කිව්වේ නැද්ද? ඔබ දැන් ප්‍රකාශ කරන ඔය රජීව් ගාන්ධි ඝාතන කතාව දැනට අපට තිබෙන වර්තමාන ප්‍රශ්න විසඳන්න සහනයක් වන දෙයක් නෙවෙයි. අපේ ප්‍රශ්නවලට ඔය කතාවලින් ප්‍රයෝජනයක් නැහැ. අනෙක් පැත්තෙන් රජීව් ඝාතනය සඳහා දැනට වසර 30ක සිට ගැහැනු සහ පිරිමි 7 දෙනකු සිරගෙදර ගතකරනවා. රජීව් ගාන්ධිගේ අයි.පී.කේ.එෆ්. සාම හමුදාව යාපනයේ සිටින කාලයේ අපිත් එහි ජීවත් වුණා. අද රජීව් ගාන්ධි ඝාතනය ගැන කතා කරලා ඇති ප්‍රයෝජනය කුමක්ද?
මෙම පිළිතුරුවලට නැවැත ට්විටර් සටහනක් තබන එරික් සොල්හයිම් මෙසේ කියා සිටියි.
‘ශ්‍රී ලංකාවේ සාම වෑයම සඳහා ඉන්දියාව බොහෝ ස්ථිරසාර සහයෝගිතාකරුවකු ලෙස කටයුතු කළා. එහෙත් එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ බිහිකරන්නට උත්සාහ කළ ඊළාම් ස්වයං රාජ්‍යය ස්ථාපිත කරන්නට ඉන්දියාව කිසිවිටෙකවත් උදව් කළේ නැහැ. එසේම එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය කෙරෙහි ඉන්දියාව කිසිම ආදරයක්, සෙනෙහසක් දැක්වූයේත් නැහැ. පසු කාලයකදී අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීමෙන් පසුව මේ තත්ත්වය තවත් උත්සන්න වුණා. එහෙත් වසර 10ක් පුරා සිදුකළ අපගේ සාම වෑයම සමයේදී අප නිරන්තරයෙන්ම ඉන්දියාව සමඟ ගනුදෙනු කරමින් සිටියා. 2006 වසරේදී ඇන්ටන් බාලසිංහම් විසින් නවදිල්ලි රූපවාහිනිය සමඟ සිදුකළ සාකච්ඡාවකදීත් රජීව් ගාන්ධි ඝාතනයට අදාළ සමහර කරුණු හෙළිකර තිබුණා. ඔහු එම රහස් ගැන දැන සිටියා.’
එරික් සොල්හයිම්ගේ මෙම නවතම ප්‍රකාශයන්ට ඉන්දියානු ජාතික අරුන් කුමාර් නමැති දමිළ ජාතිකයකු මෙසේ තදබල ප්‍රකාශනයක යෙදෙයි.
‘ඔබ ප්‍රකාශ කරනවා නෝර්වේ රාජ්‍යය නිදිවර්ජිතව සිටියේ නැහැ කියලා. එය අසත්‍යයක්. දමිළ සංහාරයේදී නෝර්වේ රාජ්‍යය කටයුතු කළේ නිදිවර්ජිත නරඹන්නකු ලෙසයි. ඔබ දැන් තවත් විවිධ ප්‍රකාශ සිදුකරමින් දමිළ ජනතාවට පිටුපසින් සිට පිහියෙන් අනිනවා. ඉන්දියාවටත් ඕනෑ වුණේ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය සහමුලින්ම අතුගා දමන්න. එසේම ඔවුන්ට ඊළාම් රාජ්‍යයකුත් අවශ්‍යව තිබුණේ නැහැ. ඔබ දැන් මේ අවස්ථාවේ කොටි නායකත්වයට දෝෂාරෝපණය කරනවා. දමිළ සංහාරය සිදුවීම වළක්වා ගන්නට නෝර්වේ රාජ්‍යය නොහැකි වුණා කියලා. ශ්‍රී ලංකාවේදී පමණක් නෙවෙයි, නෝර්වේ විසින් දකුණු අප්‍රිකාව තුළ සිදුකළ අනෙකුත් සාම කටයුතු පවා බොහෝ අසාර්ථක වුණා. ඔබ ළඟ යම් සැඟවුණු තොරතුරු තිබෙනවා නම් දැන් ඒවා ලෝකයට ඉදිරිපත් කරන්න. එල්.ටී.ටී.ඊ. ගැන හොඳටම දන්නේ ඔබ යැයි ඔබ විසින්ම ප්‍රකාශ කර තිබෙනවා.’
මෙලෙස ශ්‍රී ලාංකික වාර්ගික අර්බුදය තේමාකරගෙන එරික් සොල්හයිම් විසින් ප්‍රකාශයට පත්කරන ලද ට්විටර් පණිවුඩ 12ක පමණ ප්‍රමාණයක් නිසා මේ වන විට මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වගකිවයුතු පාර්ශ්ව මේ ගැන කියා සිටින්නේ වසර 10කටත් අධික කාලයක් කොටි සංවිධානය විසින් සිදුකරන ලද අපරාධ සාධාරණීකරණය කළ එරික් සොල්හයිම් දැන් එම තත්ත්වයෙන් බැහැරට ගොස් එල්.ටී.ටී.ඊ.යට දෝෂාරෝපණය කරන බැව්ය. මේ මගින් පෙනී යන්නේ සොල්හයිම් ඉතාමත් ‘දෙපිටකාට්ටු’ චරිතයක් යැයි එම පාර්ශ්ව කියා සිටිති. වසර 10ක් පුරාම තමන්ගේ නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකා සාම ක්‍රියාවලියට සම්බන්ධ වී කටයුතු කළ කාලයේ කොටි සංවිධානය විසින් සිදුකරන ලද විවිධ ම්ලේච්ඡ අපරාධ රැසකටම ‘සුදුහුනු’ ගෑමට එරික් සොල්හයිම් බොහෝ නිර්ලජ්ජීව කටයුතු කළේ යැයි, මෙම ශ්‍රී ලාංකික සහ ඉන්දියානු පාර්ශ්ව දෝෂාරෝපණය කරති. එදා කොටි හම පොරවාගත් සොල්හයිම් දැන් බැටළු හම පොරවාගෙන ඇතැයි ඔවුහු කියා සිටිති.

කව්ද මේ සොල්හයිම්

නෝර්වේ ජාතික එරික් සොල්හයිම් මේ වන විට 65වැනි වියෙහි පසුවෙයි. ශ්‍රී ලාංකික වාර්ගික අරගලයේ ප්‍රධාන සාම මැදිහත්කරු ලෙස 1998 වසරේදී ඔහු සම්බන්ධ වන විට, සොල්හයිම් සිටියේ 45 වැනි වියෙහිය. එසේම එකල ඔහු නෝර්වේ රාජ්‍යයේ ප්‍රබල දේශපාලකයකුද විය. නෝර්වේජියානු පාර්ලිමේන්තුව නියෝජනය කළ සමාජවාදී වාමාංශික පක්‍ෂයේ මන්ත්‍රිවරයකු වූ ඔහු පසුව එම රජයේ ප්‍රධානතම කැබිනට් ඇමැති ධුර දෙකක්ද දැරීය. ජාත්‍යන්තර සංවර්ධන කටයුතු ඇමැති ධුරය සහ පාරිසරික කටයුතු ඇමැති ධුරය එලෙස ඔහු විසින් දරන ලද අතර, සමාජවාදී වාමාංශික පක්‍ෂයේ නායකත්වයද වසර 10ක් පුරා හෙබවූයේය. මේ ආකාරයට ඔහු නෝර්වේ රාජ්‍යයේ අතිශය බලවත් චරිතයක් බවට පත්ව සිටියේය. දේශපාලනික කටයුතුවලින් පසුව ඔහු වෙනත් ජාත්‍යන්තර සංවිධාන කිහිපයකම ප්‍රධාන තනතුරු දැරීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවැනි මහ ලේකම් තනතුර සහ එහි පරිසර සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ තනතුරුද ඔහු හෙබවීය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

විපක්ෂයේ දැඩි විරෝධය මැද ප්‍රේමලාල් දිව්රපු හැටි මෙන්න (VIDEO)

Next Post

අලුත් ව්‍යවස්ථාව ගැන විමල් – කාදිනල් හිමි සාකච්ජාවක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.